නිශ්ශංක මල්ල රජතුමාගේ රාජ්‍ය සමය ක්‍රි.ව. 1187
 

මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව එතකුමාගේ බෑනා කෙනෙකකු වන 2 වන විජයබාහු නමින් පොළොන්නරුවේ රජ විය. ඔහුගේ පාලන කාලය වසරකට පමණක්‌ සීමා විය.

මහින්ද නමැති කාංලිග වංශික කුමාරයෙකකු ඔහු මරණයට පත්කොට රජකම ලබා ගත්තේ ය. දින පහකට පසු පරාක්‍රමබාහු රජුගේ දියණියක සමඟ විවාහ ව සිටි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල නැමැති 2 වන විජයබාහු රජුගේ උපරාජයා වූ කාලිංග වංශික කුමාරයා මහින්ද රජු මරා පොළොන්නරුවේ රජ විය. රජ පවුලෙන් විවාහයක්‌ කරගෙන සිටි බැවින් ඔහුට රාජ්‍ය උරුමය පිළිබඳ ගැටලුවක්‌ නොවීය.

නිශ්ශංක සමුද්‍රය, පාණ්‌ඩි විජය කුලම් හා පාණ්‌ඩිවාපි යන යන නව වැව් ඉදිකරමින්ද, පැරනි වැව් ප්‍රතිසංස්‌කරණය කරමින්ද කෘෂිකර්මාන්තය දියුණු කළ අතර බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා දුසිල්වත් මහණුන් සිවුරු හැරවීමද, පොළොන්නරුවේ රන් කොත් වෙහෙර, කිරි වෙහෙර, හැටදාගෙය නමැති දළදා මන්දිරය සහ සත්මහල් ප්‍රාසාදයද ඉදිකළේය.

කාලිංග වංශිකයකු වූ නිශ්ශංක මල්ල රජු පාණ්‌ඩ්‍ය, චෝල යන රාජ්‍ය වලින් කප්පම් ලබාගත් බවද කර්ණාට, වංග, ඔරිස්‌සා, ආන්ද්‍ර, ගකුරාට, බුරුමය සහ කාම්බෝජය යන රටවල් සමඟ මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවද කියැවේ. ශ්‍රි විජය (මලයාසියාව) වෙංගී, වාලුක්‍ය හා ගකුජරාට යන රටවලින් ගෙන්වා ගත් කුමාරිකාවෝ ඔහුගේ බිසෝවරුන් අතර වූහ.


හැටදාගේ දළදා මාලිගාව


(c) Shilpa Sayura Foundation 2006-2017