රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණ බැවින් භාෂා සාහිත්‍යය හා අධ්‍යාපනය ද දියුණු විය.
සිංහල, පාලි, සහ සංස්‌කෘත භාෂා පිළීබඳ ප්‍රවණ උගතුන් රැසක් බිහි විය. ඔවුන් විසින් එම භාෂාවලින් ලියන ලද පොත්පත් අතර ව්‍යාකරණ ග්‍රන්ථ, අටුවාටීකා ග්‍රන්ථ, සහ ධර්ම ග්‍රන්ථ රාශියක් වෙයි. මෙකල සිටි පැවිදි පඬිවරුන් අතර දිඹුලාගල මහා කස්‌සප, මොග්ගල්ලාන හා සාරිපුත්‍ර යන මාහිමිවරු වැදගත් වේ.