පරාක්‍රමබාහු රජතුමාගේ ආගමික හා සංස්කෘතික කටයුතු
 

මහ පැරකුම්බාවන් විසින් ඉදිකරවන ලද වෙහෙර විහාර අතුරින් ජේතවන විහාරය ප්‍රධාන වේ. ඒ හැර ගල් විහාරය, (උත්තරාරාමය), පොතුවිල් විහාරය, ලංකාතිලක විහාරය, කිරි වෙහෙර හා පබළු වෙහෙර ද මෙතුමා විසින් ඉදි කරවන ලඳී.




ආලාහන පිරිවෙන් සංකීර්ණය ඉදිකරවීම මේ රජුගේ සුවිශේෂ කාර්යයකි. මෙම පිරිවෙන් සංකීර්ණය තුල ගිහි - පැවිදි දෙපක්‌ෂයටම පොදු වූ සුවිශාල ආරෝග්‍යශාලාවක්‌ ද විය. මහා පරාක්‍රමබාහු රජතුමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කර සිටි බව කියැවේ.

 

මහා පරාක්‍රමබාහු රජතුමා පරිහානියට පත්ව තිබුණු රජරට බුද්ධ ශාසනය නැවත නඟා සිටුවීම සඳහා ක්‍රියා කළේ ය. දිඹුලාගල මහා කස්‌සප හිමියන්ගේ අනුශාසනා පරිදි මහා විහාරය, ඡේතවනය හා අභයගිරිය යන තුන් නිකායේ භික්‌ෂූන් පොළොන්නරුවට රැස්‌ කරවා ශාසන ශෝධනයක්‌ ඇති කළේ ය. ඉන් පසුව සියලුම සංඝයා එකම සංවිධානයක්‌ බවට පත් වූ අතර එතෙක්‌ පැවති නිකාය භේදය ද අවසන් විය. සමගි කරවන ලද භික්‌ෂුන් වහන්සේලාගේ යහ පැවැත්ම සඳහා විනය නීති සංග්‍රහයක්‌ සකස්‌ කොට එය ගල් විහාර භූමියේ ගලක කොටවන ලඳී. වර්තමානයේදී පොළොන්නරු කතිකාවත ලෙස ඳින්වෙන්නේ
මෙයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017