තරුණ වියට පත් කීර්ති කුමරු බුදල්නාගේද සහාය ඇතිව රුහුණේ පාලකයන් වූ ලෝකේශ්වර හා කේශධාතකු කාශ්‍යප ආදී විරුද්ධාඳීන් පරාජය කොට ක්‍රි.ව. 1055 දී 1 වන විජයබාහු නමින් මහානාගහුලදී රජවිය.
රුහුණේ රජකමට පත් වූ විජයබාහු රජතුමාගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ සොළීබලය රජරටින් අතුගා දැමීමටයි. මේ සඳහා සේනා සංවිධානය කිරීම රුහුණෙන් ඇරඹුනි. මෙය දැනගත් පොළොන්නරුවේ චෝල පාලකයා විජයබාහු අල්ලා ගැනීම සඳහා රුහුණ ආක්‍රමණය කළේ ය. එම ආක්‍රමණයට මුහුණ ඳීමට තරම් හමුදා ශක්‌තියක් තමාට නොතිබුණ නිසා විජයබාහු රජු ආක්‍රමණිකයන්ට අසු නොවන පරිදි ආරක්‍ෂක ස්‌ථානවල සැඟව සිටියේ ය. සොළීහු කතරගම නගරය හා රජමාළිගයේ වූ වස්‌තකු කොල්ලකාගෙන ආපසු ගියහ. නැවත කතරගමට පැමිණි විජයබාහු රජ තෙසේ එම ප්‍රදේශය දියුණු කිරමට කටයුතකු කළේය.
සොළීන්ට විරුද්ධව සටන් මෙහෙයවීමට තරම් තම සේනා ශක්තිමත් නොවූ බව දැන විජයබාහු රජතුමා උපායශීලි ලෙස සතුරාට මුහුණ නොදී සැඟවී සිටියේය. ක්‍රි. ව. 1065 ඳී රජරට ප්‍රදේශයේ චෝල පාලනයට විරුද්ධව මහා කැරැල්ලක් ඇති විය. එය මැඩලීමට සඳශා හමුදා බල ඇණියක් චෝල දේශයෙන් ලංකාවට පැමිණියේය. එම හමුදාව රජරට කැරැල්ල මර්දනය කොට විජයබාහු රජු අල්ලා ගැනීම සඳහා රුහුණ ද ආක්‍රමණය කෙළේය.
එම අවස්‌ථාවේ විජබාහු රජුගේ සෙන්පතියන් දෙදෙනෙකකු වූ රවිදේව හා චල චෝලයන්ට එක්‌වම රජුට දුරිය නොහැකි පාඩුවක් විය. රජු ඉන් නොසැලී උපක්‍රමශීලීව පසුබැස වර්තමාන යාල අභයභූමියේ පිහිටි ස්‌වාභාවික රැකවරණයයෙන් යත් පලුට්‌ඨගිරි (පලටුපාන) නමැති ස්‌ථානයේ කඳවුරු බැඳ ගත්තේ ය.
ඉන්පසුව විජයබාහු රජතකුමා උපක්‍රශීලීව කල සටනින් චෝල හමුදාව අන්ත පරාජයට පත් වූ අතර චෝල සෙන්පතියා තම්බවිට්‌ටි නම් ස්‌ථානයේ ඳී සිදුවූ සටනේදී සිංහල සේනාව අතින් මැරුම් කැවේය. චෝල සේනාව පොළොන්නරුව දක්‌වා පසුබසින්නට විය.
ඔවුන් පසුපස හඹාගිය විජයබාහු රජු පොළොන්නරුව ද ආක්‍රමණය කොට අල්ලා ගත්තේය. චෝල දේශයෙන් තවත් ආධාර සේනාංක පැමිණි බැවින් ඔවුන්ට මුහුණ ඳීමට තරම් ශක්‌තියක් තම හමුදාවට නොමැති බව වටහා ගත් විජයබාහු රජු පොළොන්නරුවෙන් පිටත් ව කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වාතගිරියටත් (වාගිරිගල) එතැනින් පිටත් ව වලවේ ගඟ අසබඩ පිහිටා මහානාගහුල හෙවත් රඹා වෙහෙර නමැති ස්‌ථානයටත් පසු බැස්‌සේ ය.
මේ කාලයේදී චෝල අධිරාජ්‍යයට අයත් ප්‍රාන්ත රාජ්‍යවල චෝල විරෝධී සටන් ඇති වු බැවින් චෝල රජවරුන්ට ලංකාව කෙරෙහි අවධායක් යොමු කිරමට නොහැකි තත්ත්වයක් උදාවිය.
මේ වන විට චෝල අධිරාජ්‍යයේ සිටියේ කුලෝත්තුංග නම් දුර්වල පාලකයෙකි. චෝල අධිරාජ්‍යයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශ කැරලි කෝලාහල පවත්වමින් නිදහස් විය. මෙය පොළොන්නරුව ආක්‍රමණය කිරීමට සුදුසුම අවස්ථාව බව වටහා ගත් විජයබාහු රජු බලවත් සේනා තුනක් සංවිධානය කොට මෙම අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් විජයබාහු රජතකුමා ඉතා දුරදර්ශීව හා ක්‍රමවත් සැලසුමකට අනුව තුන් පැත්තකින් පොළොන්නරුව වටලන ලඳී.
විජයබාහු රජතුමා ආරක්‍ෂාව ලැබූ වාගිරිගල පර්වතය
විජයබාහු රජතුමා ඉදිකළ වාගිරිගල විහාරය