මානාභරණගෙන් පසුව රුහුණු රටේ පාලනය භාර ගත්තේ ඔහුගේ මව වූ සුගලා බිසවයි. මේ වන විට මානාභරණ විසින් රුහුණට රැගෙන ගොස් තිබුණු දන්ත ධාතකුව හා පාත්‍රා ධාතකුව සුගලා බිසව භාරයේ තිබුණි. රාජ්‍ය උරුමය ස්‌ථාවර වම සඳහා මෙම පූජනීය වස්‌තකුන්ගේ භාරකාරත්වය අනිවාර්ය විය. ඒවා ලබා ගැනීම සඳහා පරාක්‍රමබාහු රජුට රුහුණ ආක්‍රමණය කිරමට සිදුවිය. "රක්‌ථ'' හා "අධිකාරිභකුත" යන සෙනෙවිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රුහුණ බලා පිටත්වූ හමුදාව සුගලා බිසවගේ හමුද සමග බිබිල -මැදගම, කටුපැලැල්ල ආඳී ස්‌ථානවලදී කරන ලද සටන් වලින් ජය ලබමින් සුගලා බිසව වාසය කළ උඳුන්දොරට ළඟා විය. ඒ අවස්‌ථාවේ සුගලා බිසව පූජනීය වස්‌තූන් ද රැගෙන ඇතිමෝලෙට පැන ගොස් සැඟවුණි. අවසානයේ එම ස්‌ථානය වටකොට පරහ දී දන්තධාතකුව හා පාත්‍රාධාතකුව ලබා ගැනීමට පරාක්‍රමබාහුගේ හමුදාවට හැකි විය. සුගලා බිසව පලා ගියාය.
ඉන් ටික කලකට පසුව සුගලා බිසව මෙහෙයවමෙන් පරාක්‍රමබාහු රජුට විරුද්ධ කැරැල්ලක් රුහුණේ ඇතිවිය. සුගලා බිස අල්ලා ගැනීම සඳහා නැවත හමුදා බල ඇණියක් රුහුණට පිටත් කර යැවීමට පරාක්‍රමබාහු රජුට සිදුවිය. මෙවර සුගලා බිසව අත්අඩංගකුවට ගැණුන අතර රුහුණු ප්‍රදේශය පාලනය කිරීමේ බලය "අධිකාරභූත" නම් සෙනෙවියාට පවරන ලඳී.