තම නායකත්වය යටතේ මනා සැලසුමකින් යුක්‌තව රජරට ආක්‍රමණය කිරමේ කටයුතු ඊළඟ පියවර ලෙස ආරම්භ කිරීමට පරාක්‍රමබාහු රජු කටයුතු කළේ ය. රජරට ආක්‍රමණය පහසුවෙන් කෙළවර නොවූ දිග සටන් මාලාවක් විය.
මන්නාරම අසල මුතුපර අල්ලා ගැනීම සඳහා පළමුවෙන්ම වයඹ දෙසින් රජරටට ප්‍රහාර එල්ල කළේ ය. මෙම ප්‍රහාරය භාරව කටයුතකු කළේ පරාක්‍රමබාහුගේ සේනාංකවල ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ "මල්යරාවර'' නැමැත්තා ය. ඔහුගේ සහායට නගරගිරි මහින්ද සෙනෙවියාද විය. බත්තලු ඔය අසල වෙල්ලාවල ප්‍රදේශයේ කඳවුරු බැඳගත් මෙම හමුදාව එල්ල කළ ප්‍රහාර මඟින් වයඹ දිග මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගැනීමට පරාක්‍රමබාහු රජුට හැකි විය.
ගොඩබිම් මාර්ගයක් ඔස්‌සේ උතුරට ගිය තවත් හමුදා සේනාංකයක් මාතලේ - රත්තොට පසුකොට ලග්ගලට ඇතුල් විය. තවත් සේනාංකයක් නාලන්දාව පසුකොට අඹන් ගඟ දිගේ පොළොන්නරුය දෙසට ගමන් කොට ඇළහැර (ආලිගම - ඇල්ගමුව) ප්‍රදේශයේ බලකොටුවක් ඉදිකර ගත්හ.
රක්‌ඛ සෙනෙවියා යටතේ වූ තවත් සේනාංකයක් කලාඔය හරහා අනුරාධපුරය දෙසට ගමන් කොට කට්‌ටියාව ප්‍රදේශය යටත් කර ගති. 2 වන ගජබාහු රජුගේ හමුදාවල දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට රක්‌ඛගේ හමුදාවට සිදුවම නිසා අනුරාධපුරය අල්ලා ගැනීමට නොහැකි විය.
මේ වන විට රුහුණු රටේ පාලකයා වූයේ සිරිවල්ලභගේ පුත් දෙවන මානාභරණය. පරාක්‍රමබාහුට ජය අත්වන බව දුටු මානාභරණ පරාක්‍රමභාහු සමඟ ගිවිසුකට එළඹ තම හමුදා සහාය පරාක්‍රමබාහු රජුට ඳීමට එකඟ විය. ඉන්පසු රුහුණේ හමුදාවද පොළොන්නරුවට පහරඳීම සඳහා පරාක්‍රමබාහුගේ හමුදාවන්ට එක්‌විය. මහියංගනය අසලවූ සොරබොර නම් ස්‌ථානයේ මානාභරණ රජුගේ හමුදා කඳවුරු පිහිටුවා ගති.
පොළොන්නරුවට බටහිර දෙසින් ඇතකුල්වම සඳහා වූ වන්දියාගම කපොල්ල හරහා පරාක්‍රමබාහු රජුගේ හමුදාව පොළොන්නරුවට කඩා වැඳී ගජබාහුගේ හමුදා සමඟ සටන් කොට ඔවුන් පරාජය කළහ. ගජබාහු රජු බලකොටුව තුළ සැඟවුණි. පරාක්‍රමබාහු රජු සේනාව විසින් ඔහු අත් අඩංගගුවට ගෙන රජ මාලිගයේ සිරකර තබන ලදි.
ජයග්‍රහණයෙන් උද්දාම වූ පරාක්‍රමබාහු රජුගේ සේනාව පොළොන්නරුවේ ජනතවාගේ ගේ දොර, වස්‌ත්‍රාභරණ ආදිය කොල්ල කමින් අවිනීතව හැසිරෙන්නට විය. රට වැසියෝ මෙම ක්‍රීයාවෙන් කුපිත ව සොරබොර සිට මානාභරණට පණිවුඩයක් යවා තම නගරය පරාක්‍රමබාහුගේ හමුදාවල සැහැසි ක්‍රියාවලින් බේරා දෙන ලෙස ඉල්ලා සිටියහ. මානාභරණ තම හමුදාව සමඟ පැමිණ පොළොන්නරුවේ ජනතාවට සාමය ළඟා කර දුන් බව කියවේ.
මේ අතර භික්‌ෂුන් වහන්සේලා පිරිසක් පරාක්‍රමබාහු රජු මුණගැසී ගැජබාහු රජුට පුතෙක් හෝ සහෝදරයක් හෝ නොමැති බැවින් ද ගජබාහු රජු මහලු වයසේ සිටින බැවින් ද ඔහුගෙන් පරාක්‍රමබාහුට තර්ජනයක් නැවත ඇති නොවන බව කියා දෙදෙනා අතර සමගි සන්ධානයක් ඇති කළහ. එකකකු මිය ගිය විට අනෙකාට ඔහුගේ රාජ්‍යය හිමි වන බවට ඇතිකරගත් මේ ගිවිසුම මැදිරිගිරියේ ගලක ලියැවූ බවද වංශ කතාවෙහි සඳහන් වේ. මේ සෙල්ලිපිය අද දක්‌නට නැතත් එහි පිටපතක් කකුරුණෑගල සංගමු විහාර භූමියෙන් හමු ව ඇත.
ගජබාහු රජු මිය යාමෙන් පසුව ඔහුගේ ඇමතියෝ රජ රට පාලනය භාර ගන්නා ලෙස රුහුණේ පාකලයා වූ මානාභරණගෙන් ඉල්ලා සිටි බැවින් ඔහු සේනා සන්නද්ධව පැමිණ කොටසර (කොට්‌ටියාර්) නම් ස්‌ථානයේ කඳවුරුලා ගත්තේ ය. එහෙත් පරාක්‍රමබාහුගේ හමුදා විසින් ඔහුට පොළොන්නරුවට ඇතුල් වීමට ඉඩ නොදුනි. මෙහිඳී පරාක්‍රමබාහු විසින් රුහුණ ආක්‍රමණය කිරම සඳහා ද හමුදාවක් පිටත්කර යැවීය. මෙම හමුදාව රුහුණේ ප්‍රදේශ යටත් කර ගනිමින් අකුරැස්‌ස දක්‌වා ගමන් කළේ ය.
අකුරැස්‌ස අසල ස්‌ථානයකඳී මානාභරණ රජුගේ හමුදාව සමඟ ඇති වූ සටනකින් පරාක්‍රමබාහු රජුගේ හමුදාවේ බලවත් සෙනෙවියෙකකු වූ රක්‌ඛ අධිකාරි මරණයට පත්විය. දෙවැනියා වූ දේව, පලාගිය බැවින් මානාභරණට ජය අත්විය. පරාක්‍රමබාහු රජු තම හමුදාව සමඟ දක්‌න්ණ දේශයට පසු බැස්‌සේය. මානාභරණගේ කොටසර සිටි හමුදාව පොළොන්නරුවට කඩාවැඳී එය යටත් කර ගත්තේ ය.
දක්‌ඛිණ දේශයේ සිට නැවත සේනා සන්නද්ධව පැමිණි පරාක්‍රමබාහු රජු පොළොන්නරුව වටකර ප්‍රහාර එල්ල කරමට පටන් ගත් නිසා මානාභරණගේ හමුදාව පරාජය ව රුහුණට පසුබැස ගියහ. මෙවර රජරට ස්‌ථිර වශයෙන් ම පරාක්‍රමබාහු රජු අතට පත්විය. ක්‍රි. ව. 1153 ඳී ඔහු 1 වන පරාක්‍රමබාහු නමින් පොළොන්නරුවේදී අභිෂේක ලැබීය.