පරාක්‍රමබාහු රජු විසින් උඩරට අල්ලා ගැනීම
 

රජරටට පිවිසීමට පෙර කඳුරට හෙවත් "මලය දේශය" තමා යටතට පත්කර ගැනීම ඔහුගේ එක්‌ යුද්ධෝපායක්‌ විය. එමඟින් සතුරු හමුදාවන්ට මලය දේශයේ රැකවරණය ලැබීම වැළැක්‌වම හා මලය රට හරහා දක්‌ඛිණ දේශයට ප්‍රහාරයක්‌ එල්ල කිරම වැළැක්‌වීම රජුගේ අරමුණ විය.

2 වන ගජබාහු රජු යටතේ උඩරට දුම්බර දකුණු ප්‍රදේශය භාරව සිටි "රක්‌ඛ"' සෙනෙවියා අල්ලස්‌ දීමෙන් තමාගේ පැත්තට හරවා ගැනීමට පරාක්‍රමබාහු රජුට හැකි විය. මේ අයුරින් පාතදුම්බර, නාපාන, රඹුක්‌වැල්ල, හා දුනුවිල යන ප්‍රදේශ තමා යටතට ගත් අතර අනෙක්‌ ප්‍රදේශ අවි බලයෙන් යටත් කර ගැනීමට පරාක්‍රමබාහු රජු සමත් විය.

2 වන ගජබාහු රජු රක්‌ඛ සෙනෙවියාට දඬුවම් කිරම සඳහා එවන ලද රජරට යුද්ධ සේනාව හා පරාක්‍රමබාහු රජුගේ යුද්ධ සේනාව අතර මැදිවකදී සිදු වූ සටනින් රජරට සේනාව පරාජය විය. ඉන්පසු කඳුකරය සම්පූර්ණයෙන් ම 2 වන ගජබා රජුගේ ආධිපත්‍යයෙන් මුදා ගැනීමට පරාක්‍රමබාහු රජුට හැකිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017