දක්ඛිණ දේශයේ රජවූ පරාක්‍රමබාහු තම පාලන මධ්‍යස්‌ථානය ලෙස පරාක්‍රමබාහු රජු තෝරා ගක්‌කේ පඬුවස් නුවරය. ඔහු එය "පරාක්‍රමපුර'' යනුවෙන් නම් කළේ ය. ඒ අසල පිහිටි පණ්‌ඩුවාපී නම් වැව විශාලකොට එය "බණ සමුද්‍ර'' යනුවෙන් නම් කළේ ය. දැදුරු ඔයේ ජලපහර ස්‌ථාන තුනකදී හරස් කොට එහි ජලය ගොවිතැන් කටයුතකු සඳහා යොදා ගති. කළුතර පස්‌දුන් කෝරළය ප්‍රදේශයේ වූ වගුරු බිම්වල ජලය බස්‌වා සරුසාර ගොවිබිම් බවට පත් කළේ ය.
විදේශ වෙළඳාමද මෙකල දියුණු විය. කල්පිටිය හා කොළොම්තොට (කොළඹ) ඔහුගේ රාජ්‍ය තකුළ පිහිටි වැදගත් වරායන් දෙකක් වීය. රජයේ අයබදු එකකු කිරීම විධිමත් කොට ඒ පිළිබඳ වගකීම භාණ්‌ඩාගාර නිලධාරන්ට පැවරුවේ ය.
ක්‍රමවත් යුද්ධ හමුදාවක් ගොඩ නැංවමට ද පියවර ගත්තේ ය. යුද්ධ කාර්යය සඳහා අවශ්‍ය සේවා වෙන වෙනම නම් කොට ඒ ඒ අංශ දියුණු කළේ ය. යුද සෙබළුන් පුරුදු පුහුණු කිරමේ කටයුත්තද අඛණ්‌ඩව ක්‍රියාත්මක කළේ ය. මලයානු හා දකුණු ඉන්දියානු හේවායන්ගෙන් යුක්‌ත "වේලයික්‌කාර" හමුදාව තරකොට රජුගේ ආරකෂාව ඔවුනට භාර කළේ ය. දක්‌ඛිණ දේශයේ සිටි තරුණයන් හැමටම අවි හරඹ පුහුණු කරවය.
මේ අයුරින් දක්‌ඛිණ දේශයේ සිවිල් පාලනය, ආර්ථික ශක්‌තිය හා යුද්ධ ශක්‌තිය ක්‍රමවත් සැලසුමක් යටතේ වැඩිදියුණු කිරමට පරාක්‍රමබාහු රජු කටයුතු කළේ ය.