කිත්සිරි මේඝ රජුගේ ඇවෑමෙන් දක්ඛිණ දේශයේ පාලකයා බවට පත් වූ පරාක්‍රමබාහු මුළු දිවයිනම එක්සත් කිරීමේ පළමු පියවර ලෙස දක්ඛිණ දේශය සුඛිත මුදිත කිරීමේ අරමුණින් එම ප්‍රදේශය දියුණු කිරීම ආරම්භ කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ අසල පඩුවස්නුවර පාලන මධ්‍යස්ථානය කරගත් පරාක්‍රමබාහු කුමරු එය පරාක්‍රමපුර ලෙස නම් කළේය.
එකළ පොළොන්නරුවේ රජකළ 2 වන ගජබාහුට විරුද්ධව සේනාංක කිහිපයක් ඔස්සේ ආක්‍රමණ ඇතිකළ පරාක්‍රබාහු රජරට යටත්කර ගැනීමේ ප්‍රථම පියවර ලෙස මලයරට යටත් කරගැනීම ඇරඹීය. රජරටට පිවිසීමට පෙර කඳුරට හෙවත් "මලය දේශය" තමා යටතට පත්කර ගැනීම ඔහුගේ එක් යුද්ධෝපායක් විය. එමඟින් සතුරු හමුදාවන්ට මලය දේශයේ රැකවරණය ලැබීම වැළැක්‌වම හා මලය රට හරහා දක්‌ඛිණ දේශයට ප්‍රහාරයක් එල්ල කිරම වැළැක්‌වීම රජුගේ අරමුණ විය.
පසුව රජරට යටත්කර ගැනීම සඳහා සටන් මාලාවක්ම මෙහෙයවීමට පරාක්‍රමබාහු රජුට සිදුවිය.
මෙකල රුහුණේ පාලකයාව සිටියේ පරාක්‍රමබාහු රජුගේ ඥාති සොහොයුරෙකු වු මානාභරණ සහ මානාභරණගේ මෑණියන් වූ සුගලා බිසව ගේ නායකත්වය යටතේ පැමිණි සේනාංක සමඟ ද සටන් වැදීමට පරාක්‍රබාහු රජතුමාට සිදුවිය.
ඉන්පසු සුගලා දේවිය බාරයේ පැවති දන්ත ධාතුව සහ පාත්‍රා ධාතුව ලබාගත් පරාක්‍රමබාහු රජතුමා ක්‍රි.ව. 1153 දී මුළු රටෙහිම අග රජු ලෙස කිරුළු පැළැන්දේය.