1 වන විජයබාහු රජුගෙන් පසු ඇතිවූ ව්‍යාකුල දේශපාලන තත්වය යටතේ වික්‍රමබාහු කුමරු සිය සුළුපියා වු ජයබාහු ඇතුළු පිරිස පන්නා දමා පොළොන්නරවේ පාලනය ගෙනගියේය. මෙම සිද්ධිය නිසා විජයබාහු රජු එක්සත් කොට තිබූ ලංකා රාජ්‍යය කොටස් කිහිපයකට කැඩීගියේය.
කලා ඔයත් කළු ගඟත් අතර පිහිටි මායා රටේ හෙවත් දක්ඛිණ දේශයේ පාලකයාව සිටි මානාභරණ කුමරු විවාහ වූයේ රත්නාවලී නම් කුමරියක් සමඟය. ඔවුනට පරාක්‍රමබාහු කුමරු උපන්නේ දක්‌න්ණ දේශයේ පුංඛගාමයේ (දැදිගම) ය. පරාක්‍රමබාහු කුමාරයා ඉපදී නොබෝ කලකින් මානාභරණ රජු මියගිය බැවින් රත්නාවලී බිසව තම දුවරුන් දෙදෙනා වූ මිත්තා හා ප්‍රභාවතී ද පුත්‍රයා ද කැටුව රුහුණට ගොස් කිත්සිරි මේඝ රජුගේ රැකවරණය ලබමින් මහානාගහුල විසීය.
කිස්‌සිරි මේඝ රජු දක්‌න්ණ දේශයේ පාලනය භාරගත් පසු පරාක්‍රමබාහු කකුමරු ඔහුගේ රාජ්‍යයට ගියේය. තමාගෙන් පසුව රජකම පැවරම සඳහා පුතෙක් කිත්සිරි මේඝ රජුට නොසිටි බැවින් පරාක්‍රමබාහු කුමරා තම පුතෙකු ලෙස හදාවඩාගෙන අනාගතයේ දී රජකම පැවරමට කිත්සිරි මේඝ රජු බලාපොරොත්තකු විය.
කිත්සිරි මේඝ රජු පරාක්‍රමබාහු කුමරුට භාෂා ශාස්‌ත්‍ර, ඉතිහාසය, පුරාණ ආඳී විෂයයන් මෙන්ම ධනු ශිල්ප, කඩු ශිල්ප, ඇතුන් හා අසුන් හැසිරවම ආදී වශයෙන් යුද්ධ පුහුණුවක් ද ලබා දීමට ඔහුගේ සුළු පියා වූ කිත්සිරි මේඝ රජු කටයුතු කළේය.
ළමා වියේ සිටම පරාක්‍රමබාහු කකුමරුගේ අනාගත ඉලක්‌කය වූයේ රජරට පාලන බලය ලබාගෙන ලංකාවේ අගරජු වීමයි. ඔහු තරුණ වියට පත්වමෙන් පසු තම සුළු පියාගේ අනුදුනුමකින් තොරව රජු මාලිගයෙන් පිටව බතලගොඩ (බදලත්ථලී) හිරියාල (බුද්ධාගම) මැණික්‌දෙණිය. මාතලේ ලග්ගල යන ප්‍රදේශ හරහා තම අනුගාමිකයන් සමඟ රජරටට ඇතකුල් විය.
මේ බව ඇසූ 2 වන ගජබාහු රජු පරාක්‍රමබාහු කුමාරයා තම රාජ සභාවට ගෙන්වා ගත්තේ ය. හෙතෙම ගජබාහු රජුගේ ආගන්තකුක සත්කාර ලබමින් රජුගේ සේනා ශක්‌තිය, ධන ධාන්‍යාදියේ ප්‍රමාණය, පාලන තන්ත්‍රය පිළිබඳව චරපුරුෂයන් මඟින් සොයා දුනගත් බව වංශ කතාවේ සඳහන් වේ.
පරාක්‍රමබාහු කකුමරු දක්‌ඛිණ දේශයට පැමිණි පසු ටික කලකින් කිත්සිරි මේඝ රජු අභාවයට පත්විය. දක්‌ඛිණ දේශයේ පාලනය පරාක්‍රමබාහුට හිමිවිය. එතැන් සිට රජරට අල්ලා ගැනීමේ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහා ඔහු කටයුතකු කළ බව පෙනේ. එහි පළමු පියවර වශයෙන් දක්‌ඛිණ දේශය ආර්ථික අතින් පෝෂණය කිරමේ වැඩ පිළිවෙලක් දියත් කළේ ය.