පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ ඇති වූ විදේශ සම්බන්ධතා ද විශේෂයෙන් සැලකිය යුතුය.
කාම්බෝජය බලා ගමන්ගත් සිංහල කුමාරිකාවක් සහ ඇගේ පිරිස බුරුමය හරහා ගමන් කරද්දී කිසිදු හේතුවක් නොමැතිව ඔවුන් සිරභාරයට ගත් නිසා එරටට විරුද්ධව කිත්ති නගරගිරි සෙනෙවියා යටතේ නාවික හමුදාවක් යවන ලදී. එම සටනින් ලංකාවේ හමුදා ජයගත් අතර දෙරටේ සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් නැවත රටවල් දෙක අතර සාමය ඇතිවිය.
දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයට එල්ල වූ ආක්‍රමණයන් මැඩලීමට ද පරාක්‍රමබාහු රජතුමාගෙන් ආධාර පැතීය. පාණ්ඩ්‍ය දේශයේ සිටි පරාක්‍රම පාණ්ඩ්‍ය රජුට විරුද්ධව පැමිණි ප්‍රාදේශීය පාලකයෙකු මැඩලීමට එම ආධාර පතා සිටියත් ලංකාවේ හමුදා ළඟාවීමට ප්‍රථම පරාක්‍රම පාණ්ඩ්‍ය රජු මරා කුලසේකර නමැත්තෙක් රජවී සිටියේය.
නමුත් මෙයින් පසුබට නොවූ පරාක්‍රමබාහු රජු තම සේනා යවා කුලසේකර සිහසුනෙන් පහකොට පරාක්‍රම පාණ්ඩ්‍ය රජුගේ පුතෙකු වු වීර පාණ්ඩ්‍ය කුමරුට රජකම ලබාදුන්නේය. මෙම සටනට සහභාගිවූවන් පිළිබඳ තොරතුරු දකුණු ඉන්දීය සෙල් ලිපිවල සඳහන්ව තිබේ.
මෙම විදේශ සම්බන්ධතා පිළිබඳ සැලකීමේ දී පැරකුම්බා රජුගේ කාලයේ නාවික කටයුතු ඉතා දියුණු තත්ත්වයක තිබූ බව සැලකිය හැකිය. විදේශ සටන් සඳහා නැව් හමුදා පිළියෙල කිරීමේ දී රට වටා ඇති නැව් තොටුපළවල් නැව් සෑදීමේ කටයුතු සඳහා වෙන්වී තිබුණු බව පෙනීයයි.