සිද්ධ උපකාරක ක්‍රියා රූප
 

දම, පිය, ල, ගන් යන ධාතුවලින් සිද්ධ උපකාරක ක්‍රියා රූප ප්‍රධාන ක්‍රියා පදයෙන්
වෙන් ව හෝ නොවෙන් ව හෝ ලිවිය හැකි ය.

ඇදදමනු / ඇද දමනු
නැඟපියව / නැඟ පියව
පිසාලා / පිසා ලා
බලාගෙන / බලා ගෙන

මෙහි 'නො' නිපාතය යෙදීම අවශ්‍ය වු කල්හි 'නො බලාගෙන' / 'නො බලා
ගෙන' / 'බලා නො ගෙන' යන විකල්ප විධි ව්‍යවහාරානුරූප ව යෙදිය හැකිය.

අවධාරණය සඳහා ද්විත්ව ව යෙදෙන ඇතැම් පද එක්‌ ව හෝ කෙටි ඉරක්‌ සහිත ව හෝ ලිවිය යුතු ය.

වැඩිවැඩියෙන් / වැඩි-වැඩියෙන්
අමුඅමුවේ / අමු-අමුවේ
උණුඋණුවේ / උණු-උණුවේ

(c) Shilpa Sayura Foundation 2006-2017