මහා පරාක්‍රමබාහු රජු ඇති කළ ආර්ථික සංවර්ධනය
 

ආර්ථික සංවර්ධනයට වැදගත් වන තවත් කටයුත්තක් වන රටේ අභ්‍යන්තර මෙන්ම විදේශීය වෙළඳාම පිළිබඳව ද මෙතුමා උනන්දු විය. ඒ සඳහා හලාවත, කල්පිටිය සහ කොළොම්තොට ආදී රාජ්‍යය තුළ පිහිටි වැදගත් වරායන් දියුණු කළේය. දක්ඛිණ දේශයේ පාලකයා ලෙස සිටි සමයේ දේශසීමා තර කොට යුද හමුදාවක් ගොඩ නගා සෙබළුන් පුරුදු පුහුණු කළේය. පරාක්‍රමබාහු රජුගේ හමුදාවට දේශීය මෙන්ම විදේශීය සෙබළුන් ද අයත් විය.

 පරාක්‍රම රජු විසින් නිකුත් කළ තඹ මස්ස


එතුමා රජයේ උසස් නිල තල සැමවිටම ප්‍රදානය කළේ දක්ෂතාවය මතය. එම නිසා මනා පාලන සංවිධානයකින් යුත් දේශයක් ගොඩනංවා ගැනීමට මෙතුමාට හැකිවිය. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ රටේ වාරිකර්මාන්තයේත්, ආර්ථික සංවර්ධනයේත් උච්චතම අවස්ථාව වූ බව එතුමාගේ කාලයේ නිකුත් කරන ලද කාසිවලින් පෙනීයයි. මෙම යුගයේ කාසිවල ශ්‍රී පරාක්‍රමබාහු යන නාමය යොදා ඇත.

ශ්‍රී ලංකාවේ දෙවන අගනගරය වශයෙන් පැවති පොළොන්නරුවේ සිටි ශේ‍්‍රෂ්ඨ පාලකයන් දෙදෙනා වන 1 විජයබාහු සහ 1 පරාක්‍රමබාහු යන නරපතියන් දෙදෙනා නිසා වසර දෙසීයකටත් නොඅඩු කාලයක් පැවති පොළොන්නරු රාජධානිය ලෝ පතළ වී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017