1 වන විජයබාහු රජුගේ මරණයෙන් පසු ඔහු විසින් එක් සේසත් කළ ශ්‍රි ලංකා රාජ්‍යය දෙදරා යාම සිදුවූයේ මහා සමිමතයට පිටුපා යමින් රාජ්‍යත්වය සඳහා රජුගේ පවුලේ අය කළ කුමන්ත්‍රණ නිසාය. විජයබාහු රජතුමාගේ විවාහ සම්බන්ධතා නිසා දකුණු ඉන්දීය කාලිංග සහ පාණ්ඩ්‍ය යන වංශිකයන්ට රාජ සභාවේ විශාල බලයක් හිමිවිය.
විජයබාහු රජු මියයන විට ඔහුගේ සොහොයුරු ජයබාහු දක්ෂිණ දේශයෙත්, පුත්‍රයා වික්‍රමබාහු රුහුණෙත් පාලන කටයුත කළහ. සම්ප්‍රදායානුකූලව විජයබාහු රජුගේ මරණයෙන් පසු ලංකාවේ රජකම ජයබාහුටත් උප රජ පදවිය වික්‍රමබාහුටත් හිමිවිය යුතු වුවද පොළොන්නරුවේ ඇතැම් ඇමතිවරුන් සහ විජයබාහු රජුගේ සහෝදරියක් වූ මිත්තා කුමරියත්, ඇගේ පුතකු හා මහා සංඝයා වහන්සේ ද එක්‌ව ඇති කරගත් එකඟතාවයක් මත ජයබාහු කුමරුට රජකම ලැබුණු අතර උප රාජ තනතුරට හිමිකම තීබූ වික්‍රමබාහුට නොඳී මිත්තා කුමරියගේ පුත්‍රයෙකු වූ මානාභරණ කුමරු එම තනතකුරට පත් කර ගන්නා ලඳී.
ජයබාහු රූකඩ පාලකයෙක් විය. ඔහු සිහසුනේ තබාගෙන පාලන කටයුතු ගෙන ගියේ මානාභරණ විසිනි. තමාට හිමිවිය යුතු උපරාජ පදවිය නොලැබීම නිසා වික්‍රමබාහු කුමරු රජරට ආක්‍රමණය කරනු ඇතැයි බිය වූ මානාභරණ, තම සහෝදරයන් දෙදෙනා වූ කිත්සිරි මේඝ හා සිරිවල්ලභ සහ රජ ජයබාහු රජු සමග රුහුණ ආක්‍රමණය කළේය. ඔවුන් බලාපොරොත්තකු වූයේ වික්‍රමබාහු කුමරු අත් අඩංගුවට ගැනීමට ය. එහෙත් සිදුවුයේ වෙනත් දෙයකි. මහානාගහුල විසූ වික්‍රමබාහු තම පියා මෙන්ම එඩිතර රණශූරයෙකි. හෙතෙම තම හමුදාව මෙහෙයවා බුත්තලදී මානාභරණගේ හමුදාව පරාජයට පත් කොට පොළොන්නරුව ද ආක්‍රමණය කළේ ය. ඉන්පසු ඔහු 1 වන වික්‍රමබාහු නමින් පොළොන්නරුවේ රජ විය.
මේ අවස්‌ථාවේ රුහුණ හා දක්ෂිණ දේශය තම යටතට ගත් මානාභරණ ඇතුළු පිරිස එම ප්‍රදේශ කොටස් තකුනකට බෙදාගෙන එහි පාලකයන් බවට පත්විය. ඒ අනුව, මානාභරණ කුමරු - වරබාහු වන නමින් දක්‌ඛිණ දේශයේ පාලකයා බවට පත්විය. ඔහුගේ පාලන මධ්‍යස්‌ථානය වූයේ වර්තමාන දැදිගම වූ සංඛ ගාමයයි.
කිත්සිරි මේඝ හා සිරි වල්ලභ යන දෙදෙනා රුහුණ රට කොටස් දෙකකට බෙදාගෙන එහි පාලකයන් බවට පත්වූහ. වලවේ ගඟින් බටහිර ප්‍රදේශය වූ දොළොස් දහස් රට (ද්වා දහස්‌ස රට්‌ඨ) කිත්සිරි මේඝට පැවරුණි. ඔහුගේ පාලන මධ්‍යස්‌ථානය වූයේ "මහානාගහුල" ය.
වලවේ ගඟින් නැගෙනහිර ප්‍රදේශය වූ අටදහස් රට (අට්‌ඨ දහස්‌ස රට්‌ඨ) සිරිවල්ලභ කුමරුට හිමිවිය. එහි පාලන මධ්‍යස්‌ථානය වූයේ "උඳුන්දොර" ය. මෙම ස්‌ථානය මොණරාගලට නැගෙනහිරින් පිහිටි වර්තමාන ගලබැද්ද ලෙස හඳුනාගෙන ඇත.
රජකම අහිමි වූ ජයබාහු සහ ඔහුගේ සහෝදරිව වූ මිත්තා, මහානාගහුල ජීවත් වූහ. දකුණේ පාලකයන් තිදෙන රජරට ආක්‍රමණය කිරමට සූදානම් වන බව දැනගත් වික්‍රමබාහු රජ, සේනා සන්නද්ධව දකුණට පැමිණ ඔවුන්ගේ හමුදා අන්ත පරාජයට පත් කළේය. පරාජිත කුමාරුවරු තිදෙනා පස්‌යොදුන්රට කඳවුරු ලාගත්හ.
චෝල අධිරාජ්‍යය ක්‍රි.ව 1118 – 1135
ඔවුන් අල්ලා ගැනීම සඳහා කැලණිය දක්‌වා පැමිණි වික්‍රමබාහු අනපේක්‌ෂිත සිදුවීමකට මුහුණ ඳීමට සිදුවිය. වරදේව නම් ආක්‍රමණිකයෙකකු මහාතිත්ථ වරායෙන් ලංකාවට ගොඩබැසීම එම සිද්ධියයි. වහාම මහාතිත්ථ බලා පිටත්ව ගිය වික්‍රමබාහු, එහිඳී ඇති වූ සටනින් පැරඳී කොට්‌ඨසාර (කොටසර) ප්‍රදේශයට පසු බැස්‌සේය. එම ස්‌ථානයේ දී වරදේවගේ හමුදා සමඟ ඇති වූ සටනින් වික්‍රමබාහු ජයගත් අතර වරදේව මරණයට පත් විය.
වරදේව පලන්ඳීපයේ සිට පැමිණි බව, මූලාශ්‍රවල සඳහන් ව ඇත. එය කුමන ප්‍රදේශයක්‌දුයි මෙතෙක් හඳුනාගෙන නැත.
පාලකයන් හතර දෙනෙකකු විසින් ලංකාව පාලනය කළ මේ යුගය බෙහෙවින්ම අවිචාර සමයක් විය. තමාට රජකම අහිමි කළ මහා සංඝ්‍යා වහන්සේ කෙරෙහි වික්‍රමබාහු රජු කිසිදු අනුකම්පාවකින් තොරව කටයුතු කළේය. පොළොන්නරුවේ විහාරවලින් මහා සංඝයා වහන්සේ නෙරපා දමා විහාර සතු වස්‌තුව පැහැර ගත්තේ ය. විහාර ගෙවල් හමුදා සෙබළුන්ගේ නවැතැන් ලෙස භාවිත විය. විහාර ගම් රාජ සන්තක කොට රජුගේ අනුගාමියන් අතර බෙදා දෙනු ලැබි. මහා සංඝයා වහන්සේලා දළදාව හා පාත්‍රා ධාතකුව රැගෙන ආරකෂාව පතා ඒවා රුහුණට වැඩම කළහ.
රුහුණේ ජනතාව ද මෙකල පීඩාවට පත්වූහ. රුහුණු පාලකයන් දෙදෙනාගේ හමුදාවන් ගම් නියම් ගම් මංකොල්ල කෑම් හා ගිනිබත් කිරම්, වැව් අමුණු බිඳ හෙලීම නිසා ජනතාව මහත් දුක්‌ඛිත තත්ත්වයකට ඇද වැටුණි. මෙකල මුළු රටේම ජනයා "උක් මෝලක මිරිකකුණු උක් දඬුමෙන්'' දුක්‌න්තව විසූ බව වංශ කතාවෙහි දුක් වේ.
වික්‍රමබාහු රජුට පසු ඔහුගේ පුත්‍රයා xx ගජබාහු (ක්‍රි. ව. 1132 - 1153) නමින් පොළොන්නරුවේ රජ විය. මෙකල දක්‌න්ණ දේශයේ පාලකයා වූ මානාභරණ මියගිය බැවින් එහි පාලනය කිත්සිරි මේඝ බාරගත්තේ ය.
රුහුණු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සිරිවල්ලභගේ පාලනය යටතට පත්විය. කිත්සිරි මේඝ විසින් xx ගජබා රජු පොළොන්නරුවෙන් නෙරපා දමා එහි රජකම ලබා ගැනීම සඳහා රජුගේ xx ගජබා රජුගේ "වේලයික්‌කාර" හමුදාවට අල්ලස් දී ඔවුන් පොලඹවාගෙන රජු හා සටනට ආවේ ය. එහෙත් එම සටනින් කිත්සිරි මේඝ පරාජයට පත්විය.