විජයභාහු රජ සමයේ ආර්ථික කටයුතු දියුණුව
 

චෝල පාලනය යටතේ අඩපණව හෝ ව්නාශ ව ගොස්‌ තිබුණ රජරට වාරි කර්මාන්ත පද්ධතිය ප්‍රතිස්‌සංස්කරණය කිරීමට 1 වන විජයබාහු රජතකුමා දුඩි උත්සාහයක්‌ දැරීය.

ඇලහැර ඇළ ප්‍රතිසංස්‌කරණය කිරීම තුළින් මින්නේරිය, කවුඩුළු හා කන්තලේ යන වැව් එකට සම්බන්ධ කෙරුණු වාරි පද්ධතිය යථා තත්ත්වයට පත් කළේය. නාච්චිදුව වැව, මහකන්දරා වැව, මහගල්කඩවල, මහා දාරගල්ල, මහා දන්තී, පණ්‌ඩවාපි, කලල හෙල්ලික, පත්ත පාෂාණ, (පන් පහණ) ආඳී වැව් රාශියක්‌ ම පිළිසකර කරවය.

මෙතකුමා විසින් ඉදිකරවන ලද එකම වැව ලෙස මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ බුදුගුණ වැවයි.

චෝල බලපෑමට ලක්ව තිබූ මහාතිත්ථ , මාන්තොට හා ගෝකණ්න වරායන් වළ වෙළඳ කටයුතු දියුණු කිරීමෙන් වෙළදාමද දියුණු වීය. එකළ රටේ ඇතිවූ ආර්ථික දියුණුව එතුමා විසින් නිකුත් කළ රන්කාසි වලන් පැහැදිලි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017