රුහුණු රට පාලනය කළ උප රජවරු බොහෝ විට ස්‌වාධීනව කටයුකු කිරීමට උත්සහා දැරූ අතර පොළොන්නරු වේ සිට රුහුණ පාලනය කිරමට පහසු විය. පොළොන්නරු නගරය පිහිටියේ මහවැලි ගඟ අද්දර නිසා රුහුණෙන් ආක්‍රමණයක් එල්ල වුවහොත් එය මර්ධනය කිරමට ද පහසු විය.
දකුණු ඉන්දියාවෙන් යම් ආක්‍රමණයක් එල්ල වුවහොත් එයට මුහුණඳීමට සුදානම් වීමට කල් තිබුණි. ඊට හේතුව මහාතිත්ථ වරායේ සිට අනුරාධපුරයට වඩා වැඩි දුරකින් පොළොන්නරුව පිහිටා තිබීමයි.
අනෙක් අතට දකුණු ඉන්දියානු ආක්‍රමණයකට මුහුණ ඳීමට නොහැකි වුවහොත් රුහුණට හෝ මලය දේශයට පසුබැසීම ද පහසු විය.
චෝල පාලනය නිසා දේශපාලනික, ආර්ථික හා සමාජීය වශයෙන් අවුලෙන් අවුලට පත්ව තිබූ රජරට යළි යථා තත්ත්වයට පත් කරලීමේ කාර්යය විජබාහු රජුට පැවරුණු ප්‍රධාන වලකීම වූ බැවින් මුළු රාජ්‍ය කාලයම පුනරුත්ථාපන කටයුතු හා ප්‍රතිසංස්‌කරණ කටයුතකු සඳහා වැය කිරීමට සිදුවිය.
රජතුමා විසින් දක්‌ඛිණ දේශයේ පාලන කටයුතකු භාරව ඔහුගේ මලනුවන් වූ වරබාහු ද රුහුණ ප්‍රදේශයේ පාලනය සඳහා ඔහුලේ බාලම සහෝදරයා වූ ජයබාහුද පත් කළේය. ටික කලකින් වරබාහු මිය ගිය බැවින් දක්ඛිණ දේශයේ පලනයට ජයබාහු පත්කළ අතර රුහුණු ප්‍රදේශයේ පාලකයා ලෙස තම පුත් කුමරා වූ වික්‍රමබාහු පත් කළේය.