නාද
 

නාද



කනට ඇසෙන, දෙසවන් පිනවන සමාන කම්පන වාර ගණනකින් යුතකු මිහිරි හ!ඩක් නාදයක් ලෙස හැඳින්විය හැක. නාද ආහත සහ අනාහත යනුවෙන් දෙකොටසකි. ආහත නාද මිහිරි සහ අමිහිරි ලෙස නැවත කොටස් දෙකකට බෙදනු ලබයි. අනාහත නාද කනට නොඇසෙ. සිතෙහි උපඳී.

 

 

මිහිරි නාද
සංගීතය සඳහා උපයෝගී කරගනු ලබන මිනිස් කටහ!ඩ (ස්වර) ද වාද්ය භාණ්ඩ තකුළින් නිපදවා ගනු ලබන නද (ස්වර) ද මිහිරි නාද ගණයට ගනු ලැබේ.

 

 

අමිහිරි නාද
සංගීතයට උපයෝගී කරගනු නොලබන නාද අමිහිරි නාද ගණයට ගැනේ. කකුරුලු නාද, ඝණ්ටාර නාද ආදිය මේ සඳහා නිදසුන් වේ. මේවා ගයනයට සහ වාදනයට නොගනී. නමුදු ගීත අලංකරණය සඳහා යොදා ගනු ලබන අවස්ථා වේ.

 

උදා :-

සකල සතම බොදු බැතියෙන් (ඝණ්ටාර නාදය) - මොහිදින් බෙග්


උදෑසනම පොඩි අපි දුව යනවා (හොන් ශබ්දය) - ළමා ගීතයකි


මුළුගතම වෙහෙසුනා (යකඩ තළන හ!ඩ) - සමූහ ගීයකි

 

 

නාදයේ ගුණ
රූප භෙදය (විපුලතාවය)හාර්මෝනියම් (සර්පිනා) වැනි සංගීත භාණ්ඩයක බැලෝව සාමාන්ය අයුරින් වයන විට සාමාන්ය හ!ඩකකුත බැලෝව තදින් වයනු ලබන විට වැඩි හ!ඩකකුත් අපට ඇසේ. අඩුවෙන් බැලෝ කරන විට ළඟට ඇසෙන අඬ හඬකකුත්, වැඩියෙන් බැලෝ කරන විට ඈතට ඇසීමත් සිදු වේ. නමුදු මේ එකම හඬකි. මෙම එකම හඬ අඩු වම සහ වැඩි වම රූප භේදය ලෙස හඳුන්වනු ලබයි.


 

ජාති භේදය (ධ්වනි ගකුණය)

එක් එක් සංගීත භාණ්ඩ වලින් නිකකුත් වන්නා වූ හ!ඩ එකිනෙකට වෙනස් වේ. වයලින්, සර්පින, සිතාර්, බටනළා ආඳී විවිධ භාණ්ඩ වලින් එක් සවරයක් (ස) වාදනය කරනවා යැයි සිතමු. එහි කම්පන තරංග වාර ගණන සමාන වූවද එම භාණ්ඩවල හ!ඩවල් එකිනෙකට වෙනස් වේ. සිතාරයක් වයන විට එය නොදුක, මේ සිතාරයේ හ!ඩය, බටනළාවක් වයන විට එය නොදුක එය බටනළාවේ හඬ යයි ද අපට කිව හැකිය. එම ගකුණය ජාති භේදය හෙවත් ධ්වනි ගකුණය යනුවෙන් හඳුන්වනු ලබයි.


උච්චනීච භේදය (තාරතාවය)


එකම හඬ පහළින් (පහළ හඬකින්) සහ ඉහළින් (ඉහළ හඬකින්) අපට උච්චාරණය කළ හැකිය. ස්වර සපතකයේ මධ්ය - සම ස්වරය සහ උච්ච සප්තකයේ උච්ච - සම ස්වරය වාදනය කර බලන්න. එකම හඬෙහි කම්පන වාර ගණන අඩු වැඩි වම මෙම උච්චනීච භේදය හෙවත් තාරතාවය යනුවෙන් හඳුන්වනු ලැබේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017