විජයබාහු රජතුමා චෝලයන් සමග කළ සටන ලංකා ඉතිහාසයේ විශාලම සටන ලෙස සටහන් කළ හැකිය. එය මනාව සැලසුම් කරන ලද අතර සියලු ජනතාව ඒ සඳහා සහය දුන්නේ චෝල සැහැසිකම් වලින් හෙම්බත් වී සිටි නිසා වන්නට ඇත.
එක් සේනාංකයක් රුහුණේ සිට මායාරට හරහා (බටහිර දෙසින්) අනුරාධපුරයට යැවීය. මෙම බලඇණි කප්පුක ගාම, මහාගාම පසු කොට මහානාගහුලට පැමිණ තවත් සේනා ලබාගෙන තම්බලගාමයට පිවිසෙයි.
එහිඳී හොඳින් සංවිධානය ව දෙණවක, පුංඛගම, සංඛත්ථලී, සුභපබ්බත (යාපහුව) හා කට්‌ටියාගාම හරහා අනුරාධපුරයට පිවිසෙයි. මෙම සේනාංකයෙන් කොටසක් චෝල දේශයෙන් පැමිණෙන හමුදා පරාජය කිරීම සඳහා මහාතිත්ථ දක්‌වා ගමන් ගත්තේ ය. මෙම හමුදාව මගින් ලංකාවේ වයඹ ප්‍රදේශය සොළීන්ගෙන් මුදාගත්තේය.
දෙවන සේනාංගය කතරගම සිට තලංග විහාර, නාගපබ්බත, මණිනාග පබ්බත, ඡගාම, හරහා දිගාමඩුල්ලට පැමිණ නැගෙනහිර වෙරළ ඔස්‌සේ පිහිටි ගිරිකකුම්හීල, උද්ධගාමක, එරාවුළු රට, කල්කුඩා වන ස්‌ථාන පසුකොට දහස්‌තොට හරහා පොළොන්නරුව දක්‌වා ගමන් කළේ ය.
තුන්වන හමුදා බල ඇණිය විජයබාහු රජුගේ ප්‍රධානත්වයෙන් කතරගම සිට ගකුත්තහාලක (බුත්තල) හරහා මහියංගනයට පැමිණ එතැන් සිට මහවැලි ගඟ දිගේ පිහිටි චෝල බලකොටුද යටත් කරගනිමින් දහස් තොටින් පොළොන්නරුවට පිවිස නගරය ආසන්නයේ කදවුරු බරඳගති.
විජයබාහු රජතුමා මාස එක හමාරක් පමණ කාලයක් සොළීන් සමඟ දරුණු සටනක් කොට ඔවුන් පරාජය කොට පොළාන්නරුව නගරයට ඇතුල් විය. මේ වන විට ලංකාවෙන් පැන යාමට හෝ චෝල දේශයෙන් ආධාර ලබා ගැනීමට හෝ මගක් නැති බව දුනගත් චෝල හමුදාව නගරය තුලඳී සිංහල සේනාව සමඟ මාරාන්තික සටනක් කළහ.
මෙම සටනින් චෝල හමුදාව විනාශ වූ අතර පොළොන්නරුව චෝල අධිපත්‍යයෙන් මුදවා ගැනීමට විජයබාහු රජකුමාට හැකි විය. ඉන්පසු අනුරාධපුරයට ගිය විජයබාහු රජතුමා එහි ආරක්ෂා සංවිධාන තර කළේය. මහාතිත්ථ ප්‍රදේශයේ ආරකෂාව ද තර කළේය.
ක්‍රි. ව. 1070 දී දෙවන වරට පොළොන්නරුවේ රජවූ විජයබාහු රජු එය තම පාලන මධ්‍යස්‌ථානය කරගත්තේය. ඉන්පසු පොළොන්නරුව අංග සම්පූර්ණ නගරයක් ලෙස ගොඩනැංවූ අයුරු වංශ කතාවෙහි ද විස්‌තර කර ඇත. රජතකුමා පොළොන්නරු නගරය ක්‍රමවත් කිරම සඳහා එහි අට්‌ටාල, පවුරු හා දිය අඟල් ද ඉදි කළේය. මෙම සියලු කාර්ය නිමකිරමෙන් පසු පොළොන්නරුව "විජයරාජපුර'' යනුවෙන් නම් කළේ ය.