මහා පරාක්‍රමබාහු රජතුමා විසින් රජය, රට හා රට වැසියා යන මූල ධර්මය තේරුම් ගත් අයකු වූ අයෙකි. වසර ගණනාවක් දක්ඛිණ දේශය පාලනය කිරීමෙන් ලත් අත්දැකීම් මත ක්‍රමානුකූල අධිමිනි හා රාජ්‍ය පාලන ව්‍යුහයක අගය තේරුම් ගති.
ඔහු රාජ්‍ය පාලන ක්‍රමය ප්‍රතිව්‍යුහගත කල අතර, ඔහුගේ කාලයට පෙර තිබූ යුවරාජ පදවි වෙනුවට අධිකාරී නම් ඇමති වරුන් 2 දෙදෙනකු රුහුණ හා දක්ඛිණ දේශයට පත්කිරීමට ඔහු පියවර ගති.
ඒ අතරම ප්‍රාදේශීය පාලනය ක්‍රමවත් කිරිමට පාදේශීය අධිපතීන් 12 ක්ද, කුඩා ප්‍රදේශ සඳහා තවත් අධිපතීන් 84 ක්ද පත් කළ බව කියයි.
තවද රාජ්‍ය පාලනයේ විවිධ අංශ සඳහා අධිකාරීන් හා දෙපාර්ථමන්තු හා කාර්යාල පිහිටවමින්ද ඒකීය හා මධ්‍යම පාලනයකට රට යොමු කරවීය. මේ අනුව උපරාජ පදවි අහෝසි වී රට රාජ්‍ය නිළධාරීන් මගින්, නීති රාමුවකට පාලනය වන්නට වීය. එය රටේ දියුණුවට උදක්ම හේතු වූ බව නිකාය සංග්‍රහයේ දැක්වේ.
නිශ්ශංක මල්ල රජුගේ කාලයේ මෙහි වෙනස්කම් වීය, ඔහුගේ මන්ත්‍රී මණ්ඩලයහි යුවරාජ එනම් මාපා හෙවත් උප රජු; ඈපා එනම් කුමාරවරුද; රජ පවුලේ අයකු වූ අග සෙනවි; දෙපාර්ථමේන්තු අධිකාරීවරු, රජුගේ දකුණු පසුන් වූ මහලේනා එනම් ප්‍රධාන ලේකම්; පළාත් අධිකාරීවරු, දිස්ත්‍රික් නායකයෝ; ප්‍රධාන වෙළදූන්ද වූ බව නිශ්සංක සෙල් ලිපි කියයි.