ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග නාම පද තව දුරටත්
 

පුරුෂ ලිංග හා ස්‌ත්‍රී ලිංග නාම පද ප්‍රාණවාචී නාම පදවලට පමණක්‌ යෙදේ.

කුමරුවා -> කුමරිය
ගුරුතුමා -> ගුරුතුමිය
අශ්වයා -> වෙළඹ
පුරුෂයා -> ස්‌ත්‍රිය
පිරිමියා -> ගැහැණිය
පියා -> මව
තාත්තා,අප්පච්චි -> අම්මා
පුතා -> දුව
සහෝදරයා -> සහෝදරිය
අත්තා - ආත්තම්මා
සීයා - ආච්චි
මාමා, මාමණ්‌ඩි -> නැන්දා, නැන්දණිය
නෑනා -> මස්‌සිනා
බාප්පා -> පුංචි අම්මා
ලොකු තාත්තා, මහප්පා -> ලොකු අම්මා

විශේෂ පුරුෂ ලිංග හා ස්ත්‍රී ලිංග පද

සතුරා -> සැතිරිය
අලියා -> කෙනෙර
උකුස්‌සා -> ඉකිස්‌සී
වස්‌සා -> වැස්‌සී
කොකා -> කෙකින්න
වලසා -> වැලහින්න
මී මැස්‌සා - මී මැස්‌සිය
සැමියා -> අඹුව
මොණරා -> සෙබඩ
නළුවා - > නිළිය
සිංහයා -> සිංහ දෙන, සිංහ ධේනුව
නයා -> හැපින්න

වාක්‍ය වල යෙදීමෙන්
පියා ආවේය. - මව ආවාය.

බහූ වචන ස්‌වරූපයන්වල යෙදුම් වෙනස්‌ වන අයුරු බලන්න

කුමරුවෝ -> කුමරියෝ
ගුරුතුමෝ-> ගුරුතුමියෝ
අශ්වයින්, අශ්වයෝ -> වෙළඹුන්
පුරුෂ, පුරුෂයින් -> ස්‌ත්‍රී, ස්‌ත්‍රීන්
පිරිමි -> ගැහැණු
රජවරු -> රුජිනියෝ

වාක්‍ය වලදී
ගුරුතුමෝ පාසලේ උගන්වති.
ගුරුතුමියෝ පාසලේ උගන්වති.

(c) Shilpa Sayura Foundation 2006-2017