චෝල පාලන මධ්‍යස්‌ථානය ලෙස පොළාන්නරුව තෝරා ගැනීමට හේකු
 






 

1. පොළොන්නරු නගරයේ පිහිටීම



  • රුහුණු ප්‍රදේශයෙන් එල්ලවිය හැකි අභියෝගවලට සාර්ථක ලෙස මුහුණඳීමට සුදුසු ස්‌ථානයක්‌ වීම

  • රුහුණ රජරට වෙන්කළ දේශසීමව වූ මහවැලි ගඟ අසබඩ පිහිටා තිබීම.

2. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම පොළොන්නරුව ආර්ථික අතින් දියුණු ප්‍රදේශයක්‌ වීම



  • වසභ රජු විසින් ඇළහැර ඇළ ඉදිකිරීම

  • 2 වන උපතිස්‌ස රජු විසින් තෝපා වැව කරවීම

  • මහසෙන් රජු විසින් මින්නේරි වැව හා කවුඩුළු වැව ඉදිකිරීම

  • 2 වන අග්බෝ රජු ගිරිතලේ වැව කරවීම

3. විටින් විට එල්ල දකකුණු ඉන්දියානු ආක්‍රඹණය නිසා අනුරාධපුර ප්‍රදේශය විනාශයට පත්ව ආර්ථික පරිහානියට ලක්‌ව තිබීම.


4. අලුතින් පිහිටුවන ලද නව පාලන මධ්‍යස්‌ථානයක සිට පාලනය ගෙන යාමට චෝලයන්ට අවශ්‍ය වීම.


පොළොන්නරුවේ චෝල පාලනය අඩ සියවසටත් වැඩි කලක්‌ පැවතිණි. එ‍හෙත් රුහුණු, මලය රට (කඳුරට) හා දක්‌ඛිණ දේශය චෝල ආධිපත්‍යයට යටත් ව නොතිබුණි. ධනයෙන්, සේනා බලයෙන් හා සැහැසිකමින් ආඩ්‍යව සිටි චෝලයන් හා ගැටීමට තරම් යුද්ධ ශක්‌තියක්‌ හෝ ආර්ථික ශක්‌තියක්‌ රුහුණේ පාලකයන්ට නොවීය. දකුණේ පාලකයින් භේද බින්නව සිටීම ද චෝලයන්ට වාසිවාදයක විය.

(c) Shilpa Sayura Foundation 2006-2017