අනුරාධපුර යුගයේ අවසාන කාලයේ දකුණු ඉන්දියාවේ චෝල බලය වර්ධනය විය. 1 වන රාජ රාජ හා රාජේන්ද්‍ර යන රජවරුන් යටතේ චෝල අධිරාජ්‍යය ඉන්දුනීසියාව දක්‌වා ව්‍යාප්ත විය. චෝල රජවරුන් සතුව පැවැති ශක්‌තිමත් නාවුක බලය විදේශ ආධිපත්‍යය ලබා ගැනීම සඳහා ඔවුන්ට බෙහෙවින් උපකාර විය. අනුරාධපුර යුගයේ අවසාන පාලකයා වූ පළමු වන මිහිඳු රජුගේ කාලයේ අනුරාධපුර රාජ්‍යයේ ඇති වූ අභ්‍යයන්තර අවුල් වලින් ප්‍රයෝජන ගත් රාජ රාජ ක්‍රි.ව. 993 ඳී අනුරාධපුරය ආක්‍රමණය කළේය. මිහිඳු රජු රුහුණට පාල ගියේ ය. චෝලයන් අනුරාධපුර නගරයෙහි හා රජමාලිගයේ වූ සියලුම වස්‌තකු කොල්ල කා නගරය ගිනිබත් කොට සොළී සෙන්පතියෙක් ප්‍රතිරාජයා ලෙස ලංකාවේ පාලනය සඳහා පත් කළ අතර මෙම ප්‍රතිරාජයා තම පාලන මධ්‍යස්‌ථානය ලෙස තෝරා ගත්තේ පොළොන්නරුවය. |
ක්‍රි.ව. 1017 ඳී 1 වන රාජාධිරාජ රජ චෝල අධිරාජ්‍යයා ප්‍රබල යුද්ධ සේනාවක් සමඟ පොළොන්නරුවට පැමිණ X වන මිහිඳු රජු අල්ලා ගැනීම සඳහා රුහුණ ආක්‍රමණය කළේය. චෝල හමුදාව රජු හා බිසව ජීවග්‍රහනයෙන් ගෙන රාජ්‍ය වස්‌තුවද කොල්ල කා රජුගේ ඔටුන්න ද පැහැර ගත්තේ ය. රජු හා රැජින සිරකරුවන් ලෙස චෝල දේශයටය පිටුවහල් කළ ඇතර ක්‍රි.ව. 1029 දී ඔවුන් සිරකරුවන් ලෙස එහිදී මිය ගියහ. රජරට පාලන බලය චෝල අධිරාජ්‍යයේ ග්‍රහණයට ගත් පසු ලංකා රාජ්‍යය හැඳින්වම සඳහා ඔව්හු "මුම්මුඩිශෝලී මණ්‌ඩලම්" යන නම භාවිත කළහ. තම පාලන මධ්‍යස්‌ථානය වූ පොළොන්නරු හඳුන්වන ලද්දේ "ජනනාථ මංගලම්'' යනුවෙනි. |