සංඛ්‍යා ශබ්ද ලිවීම
 

සංඛ්‍යා ශබ්ද ලිවීමේ දී වර්ග දක්‌වන පද සමාස කොට ඒ එකිනෙක වෙන් ව ලිවීම සුදුසු ය.
එක්‌කෝටි පනස්‌ලක්‌ෂ හතළිස්‌දහස්‌ හත්සිය දහතුන යි.
ඉලක්‌කමෙන් සංඛ්‍යා දැක්‌වීමේ දී ප්‍රත්‍යාර්ථ -

'ක්‌' (<අක්‌) – 'ක' (<ක) – 'කට' (<අක+ට) – 'කින්' (අක+ඉන්) -– 'න්' (<එන්/ඉන්)
සහ – 'හි' (<එහි) ඒ අදාළ ඉලක්‌කම හා නොවෙන් ව ලිවිය යුතු ය.
12ක්‌
120කට
4501කින්
10240න්
50420හි

'හතරේ දෙවන බලය' 'හතේ කණුව' ආදිය අකුරින් ම ලියුව මනා ය. ඉලක්‌කමෙන් නම් 4හි 2වන බලය, 7කණුව ආදි වශයෙන් ලිවීම මැනවි.

(c) Shilpa Sayura Foundation 2006-2017