ආඩතෝඩා
 















උද්භිද විද්‍යාත්මක නාමය  ජස්‌ටීසියා ආඩතෝඩා - Justicia adhatoda
වෙනත් සිංහල නම් පාවට්‌ටා අගල් ආධාර වංය ඇපල වැටහිර
දෙමළ නම ආඩතෝඩෙයි සහ පාවට්‌ටෙයි
ඉංග්‍රිසි නම මලබාර්නට්‌ - Malabarnut
 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

මෙම ඖෂධිය ශාකය ඇකන්තේසීයේ (Acanthaceae) කුලයට අය්ත් වෙයි. ආයුර්වෙදයට අනුව මෙද මව් යන අන්.වර්ථ නාමයෙන් හැඳින්.වෙයි. මෙහි අදහස ළමයින්.ගේ රෝගවලදී මවක ලෙසින් පිහිට වේ යන්නයි.

                                                                                             ශ්‍රි ලංකාවේ පහතරට සහ මැද රට ප්‍රදේශවල සරුවට වැඩෙන මෙම ශාකය වැට මායිමේ සඳහා ද වගා කරයි. ශාකයේ සියලුම කොටස්‌ එනම් කොළ, දළු, මුල්, පොතු සහ මල් ඖෂධ සඳහා යොදා ගැනේ.

                                          ශ්වසන මාර්ගයේ ඇති සෙම දිය කර සිරුරෙන් පහ කරන අතර ශිවාසනාළිකා පළල් කරයි. හොඳින් මුත්‍රා පහ කරයි. මුත්‍රා දැවිල්ල නැති කර හොඳින් දහදිය පිට කරයි. ක්‍ෂය රෝගය සඳහා විශෙෂ ගුණ ගෙන දෙන මෙම ඖෂධීය ශාකය සිරුරෙන් ලේ බැහැර වන අවස්‌ථා වළක්‌වාලයි.

                                               ඇඳුම රෝගයට, පංචාංගය එනම් මල්, පොතු, මුල්, නැටි සහ කොළවලින් සාදාගත් කසාය (පත අට එකට සිඳුවා පැණියක්‌ ලෙස සකසා ගත්) සහ පවනේ වියළා ගත් ආඩතෝඩා කොළ වලින් සාදා ගත් සුරුට්‌ටු දුම් ඉරීම අත් බෙහෙතක්‌ ලෙස යොදා ගනී. ආදතෝඩා කොළ කොටා මිරිකා ගත් යුෂ බීම අතීසාර සුව වීමට හේතු වේ.ආදතෝඩා අමු කොළ අඹරා ගත් ආලේපය අළුත් තුවාල සහ සන්ධි ඉදිමුම සුව කරයි. දරුවංගේ පණු රෝග සුව කිරීමට ආදතෝඩා පංචාංගයේ කසාය සාර්ථක ඖෂධයකි. ඳඩු කැබළි සිටුවීමෙන් පහසුවෙන් බෝකර ගැනීමට පුළුවන. පත්‍ර කාබනික පොහොරක්‌ මෙන්ම හොඳ පළිබෝඩ නාශකයකි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017