පද බෙදීම
 

නාම. ක්‍රියා, නිපාත යනුවෙන් පද වර්ග තුනක්‌ වෙයි. මෙයින් සමහරක්‌ තනි අකුරකින් පමණක්‌ යුක්‌ත වෙතත්, සියලු පද ලිවිය යුත්තේ එකිනෙක අතර පරතර ඇතිව ය. එනම්, පද බෙදා ය.

පදයක (මුලට ඈඳෙන) උපසර්ගත්, (අගට ඈඳෙන) ප්‍රත්‍යත්, තනි පද වශයෙන් නොසැලකෙන හෙයින්, ඒ ඈඳෙන පද හා එක්‌ කොට ලිවිය යුතුය.

අතිවිශේෂ අනුකමිටු උපගුරු නිදොස්‌ පරදේශ
ප්‍රතිමූර්ති සහයෝග ග්‍රන්ථයේ ගෙවල ගෙවලින්
ග්‍රන්ථයෙන් නාට්‍යයෙන් නුවරවල් මිනිසාට
රත්නපුරයෙහි ලන්ඩන්හි
අතිප්‍රබලඋපසභාපති

ක්‍රියාපදවල ප්‍රත්‍ය එක්වද නිපාතය වෙන්ව ද ලියයි.
සඳුනී ආවේ විශේෂ උවමනාවකට ය.
ඔහු සමග මිතුරකු ද ආවේය.

පදයක අගට යෙදෙන ප්‍රත්‍ය එක්කර ලියයි.
නුවරවල් , රත්නපුරයෙහි, අළුතින්ම

විශේෂණ වශයෙන් පවතින ඇතැම් පද වෙන්ව ලියයි.
මැද කොළඹ, රතු චතුරස්‍රය, කිරි මණ්ඩලය

සාමාසයක්‌ යනු පද කීපයක්‌ එක්‌ වීමෙන් සෑදෙන ඒකකයක්‌ වන හෙයින්, ඒ අඳාළ
සියලු පද පරතර රහිත ව ලිවිය යුතු ය.

පොත්පත්
කිරිබත්
රත්මල
ශිෂ්‍යශිෂ්‍යාවෝ

සාමාසයකට අයත් පද වෙන් ව ලිවිය හැකි ය. එහෙත් එසේ ලියූ කල එය සාමාසයක්‌ වශයෙන් ගත නොහැකි ය. රත්මල යනු සාමාසයකි. එහෙත් රත් මල් යනු පිළිවෙළින්, විශේෂණයකින් සහ නාමයකින් යුක්‌ත ව්‍යවහාරයකි.

අව්‍යයයක්‌ ද නාමයක්‌ ද එකතු වීමෙන් සෑදෙන අව්‍යය සමාස පද ද පරතරයකින් තොර ව ලිවිය යුතු ය.

සුදන, අකුසල්, නිවරද, අවමාන

(c) Shilpa Sayura Foundation 2006-2017