අන්නාසි
 


 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අන්නාසි - Ananas sativus

පර්යාය නාමය - Synonym:-Bromelia amanas
කුලය - Family:-Bromeliaeas




 
























සිංහල නාමය අන්නාසි - Annasi
සංස්‌කෘත නාමය අනන්නාස්‌ - anannas
දෙමළ නාමය අනාෂා-පලමි - Anasha-palam
ඉංග්‍රීසි නාමය පෛන් ඇපල් - paie-Apple
හින්දි නාමය අනනාස්‌ - Ananas
බෙංගාල නාමය අනාරිස්‌ - Anaris
තෙලඟු නාමය අනසා පණ්‌ඩු - Anasa-pandu

 

වැඩෙන ස්‌ථාන:

ග්‍රී ලංකාවේ සෑම පළාතකම වැඩෙන ශාකයකි.ඵහෙත් ආර්ථික ලාභ බලාපොරොත්තුවෙන් අධිකව වවනු ලබන්නේ ගමිපහ දිස්‌ත්‍රිකයේ ය.ප්‍රණීත රසැති පළතුරක්‌ වන මෙය ගෘහස්‌ථ භුමිවල වගා කිරීමට ලක්‌වැසි බොහෝ දෙනෙකු ඇල්මක්‌ දක්‌වති.

 

ස්‌වාභාවික ලක්‌ෂණ:

ආයු කාලය වෙසරකි.පළමු වසර තුළ ශාකය හොඳින් වැඩේ.ශාඛා නොමැත.පත්‍ර රැසකි.සරු පසෙහි යහපත්ව වැඩෙන ශාකයක කොළයක්‌ අඩි 3 හෝ 4 ක්‌ පමණ දිගට වැඩේ.පතයයක අභ්‍යන්තරය සිහින් ඝණ කෙඳිවලින් භරිතව පවති.කොළ පැහැති පත්‍ර (දෙපසම) දාරවල ඉතා සියුමි කටු පිහිටා ඇත.කඳ ඉතා කෙටිය .තුඹසක්‌ හැඩය ගන්නා කොරපොතු (වැනි) සමූහයක්‌ පිහිටා ඇත.පෙති 3 න් සමන්විත පුෂ්ප මංජරියක්‌ පවති.දෙවන වසරෙදී මල් හට ගනි.පීදුනු මල් කෙමෙන් විශාල වී මඳ කලක්‌ නාක්‌ම යෑමෙන් පසු අධික ඉස්‌මෙන් හා රසයෙන් පිරුණු ඵලයක්‌ දරයි.එය ආරක්‌ෂා කිරීම පිණිස කටු සහිත මදක්‌ කුඩා පතය රාශියක්‌ ගෙඩිය (ඵලය) මුදුනේ පිහිටයි.
                    විවිධ වර්ගවලට අයත් අන්නාසි දිවයිනේ විවිධ පලාත් වල වැවේ.කඳු මදුන්  වල දක්‌නට ලැබෙන්නේ ගල් අන්නාසිය.දරු අන්නාසි නමින් වර්ගයක්‌ ද ඇත.එවා අංකුර රැසකින් නිර්මිතව ඇත.අංකුර පිහිටා ඇත්තේ ඵලයේ පහළින්ම ය.ඈත අතීතයේ ඉන්දියාවෙන් රැගෙන විත් බෝ කරන ලද ඉතාමත් මිහිරි රසයකින් යුත් මුරුසි අන්නාසි,උඩරට කැලෑබදව හෝ වතු අද්දර ඉබේ පැලැවෙන ශාක වර්ගයක්‌ බවට පත්ව ඇත.පැහැයෙන් එය දමි පාටින් යුක්‌තය.දි ගැටි හැඩයක්‌ ගනි.

 

ඖෂධ සඳහා යෙදිය හැකි අංග:
                         ගෙඩි සහ කොළ ඉස්‌ම.


විශේෂ ගුණය (ඖෂධීමය):
කොළ ඉස්‌ම ප්‍රභල කෘමිනාශකයකි.
පළතුරු විරේචන ගුණයෙන් යුක්‌තය.

 

සුව කළ හැකි රෝග:
මාස්‌ ශුද්ධියේදි ඇතිවෙන අවහිරතා මඟ හරවයි.ගර්භාෂය සඔකෝචනය කරවයි.මත්‍රා අඩස්‌සිය දුරලයි.ස්‌කැචි රෝගයට හිතකරය.සෙංගමාලය,ඉක්‌කාව.

 

වෙනත් රෝගී අවස්‌ථාවලට ඖෂධ යෙදිය හැකි ක්‍රම:
    විරේකයට.

   

විරේක කරවීමට:
1.අන්නාසි කොළ ඉස්‌මට සීනි මිශ්‍රකර දීම.

  

බඩ පිපුමට:      

2.නොමේරු අන්නාසි හොඳින් තලා ලබාගත් යුශට විනාකිරි ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දීම.
3.සෙංගමාලය සැදුනු රෝගීන්ට ඉදුණු අන්නාසි ඉතා හොඳ පළතුරකි.

 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017