ඒකවචන හෝ බහුවචන හෝ ආඛ්‍යාත යෙදිය හැකි අවස්‌ථා :
මණ්‌ඩලය රැස්‌වෙයි / රැස් වෙති
විරුද්ධ පක්‌ෂය නැඟිට යයි / යති
පොදු ජනතාව සාමකාමි වෙයි / වෙති
පාඨක ජනයා අදහස් දැක්‌වී ය / දැක්‌වූ හ
බෞද්ධ ලෝකයා සතුටට පත්විය / පත්වූ හ
මෙයින් අභිමත රීතිය තෝරා ගැනීමේ නිදහස ලේඛකයා සතු ය, එහෙත් සමරූපතාවෙන් යුතු ව භාවිත කළ යුතුය.