ප්‍රාණවාචි බහුවචන නාම පදයක් උක්‌ත වන කල්හි :
මිනිස්‌සු පොත් කියවති
කාන්තාවෝ ගී ගයති
ළමයි හඬති
ගුරුවරු ප්‍රශ්න විසඳති
අපි සාහිත්‍යය හදාරමු
ඔවුහු අදහස් දක්‌වති
'දෙනා' 'දෙනෙක්' 'රැළ' 'රැස' 'සමූහය' 'රංචුව' 'පෙළ' 'කැල' 'පිරිස' ආදි සමූහවාචි පද උක්‌ත වන කල්හි :
පස් දෙනෙක් එතැනින් ඉවත් වෙති
මිනිස්‌සු තුන් දෙන / දෙනා ආපසු යති
කාන්තාවෝ සමූහයක් අදහස් දක්‌වති
නව ශිෂ්‍ය පිරිසක් පාසලට පැමිණෙති
ඇත් රැළක් වනයෙහි වෙසෙති
ඡන්ද දායකයෝ රැසක් කැමැත්ත පළ කරති
සිසු පෙළ ගී ගයති
දරු කැල සෙල්ලම් කරති
නරි රැළ කැලයට වදිති
කුරුලු රෑන පියාසර කරති
ඇත් රංචුවක් හඳපානේ ඇවිදිති
'ඇතැමෙක්' 'ඇතැම්හු' 'සමහරෙක්' 'සමහරු' 'කවුරු' යන සමූහාර්ථ පද උක්‌ත වන කල්හි :
ඇතැමෙක් සාහිත්‍යය හදාරති
ඇතැම්මු/ඇතැම්හු දෙවියන් පුදති
සමහරෙක් පුවත් පත් නො බලති
සමහරු විරුද්ධත්වය දක්‌වති
මේ තොරතුරු කවුරු නො දනිති
'අයෙක්' 'කිසිවෙක්' සහ 'කෙනෙක්' 'යමෙක්' 'කවරෙක්' යන පද පැහැදිලි බහුවචන අර්ථ දෙමින් උක්‌ත වන කල්හි :
කිසිවෙක් සභාවෙන් නැඟිට යති
කෙනෙක් රූපවාහිනිය බලති
අයෙක් සාහිත්‍යය හදාරති
යමෙක් පොත් කියවති
කවරෙක් දහම් අසත් ද