අනුරාධපුරයේ රජකළ රජවරු පොළොන්නරුව ආරක්‍ෂක බලකොටුවක් ලෙස භාවිත කර තිබේ. "කඳවුරුපුර" ලෙස අනුරාධපුර යුගයේදී හැඳින්වූ පොළොන්නරු ප්‍රදේශය දකුණු ඉන්දියානු සහ මැලේසියානු කුලී හේවායන් රඳවා සිටි බව ඓතිහාසික පුරාවෘත්තවලින් කියැවේ.
ත්‍රිකුණාමළය, මහනුවර, රුහූණ ආදී ප්‍රදේශ වලට ප්‍රවිශ්ඨ වීමට මහවැලි ගඟ උපයෝගී කර ගත හැකි වීම, ජල පහසුකම මෙහිදී බල පාන්නට ඇත.
අනුරාධපුරයේ රජ කළ වසභ රජු සහ මහසෙන් රජු පොළොන්නරු ප්‍රදේශයේ වාරි කර්මාන්ත ආරම්භ කොට කෘෂිකාර්මික සංවර්ධනයක් ද ඇති කරලීම නිසා පොළොන්නරුවේ ජනාවාස ව්‍යාප්තියද වේගවත් විය. අනුරාධපුර රාජධානිය පවතිද්දීම 4 වන අග්බෝ (ක්‍රි. ව. 673 - 689) රජු පොළොන්නරුවේ වාසය කළ බවත් 4 වන අග්බෝ රජු විසින් මෙහි ආරාමයක් ඉදිකළ බවත් මූලාශ්‍රවල සඳහන්ය.
මේ අනුව පොළොන්නරු රාජධානියක් වන්නට මත්තෙන් දීර්ඝ කාලයක් තිස්‌සේ දේශීය ග්‍රෝත්‍රික ජනයාගේ හා ආර්යයන්ගේ වාස භූමියකව පැවැති බව පෙනේ.