පොළොන්නරුවේ වාසය කල යක්‍ෂ ගෝත්‍රිකයෝ
 

ආර්ය ජනාවාස ඇතිවීමට පෙර ලංකාවේ විසූ යක්‌ෂ ගෝත්‍රිකයින් මේ ප්‍රදේශයේ ජීවත් වූ බවට "යක්‌කුරේ, "යක්‌ඛසූරය" වැනි ග්‍රාම නාම සාක්‌ෂි දරයි. ක්‍රි. ව. පළමුවන සියවසට අයත් සෙල් ලිපියක්‌ පොළොන්නරුවේ "ගෝපාල පබ්බත" යන ස්ථානයේ තිබේ. එහි ලියා ඇති පරිදි අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම පොළොන්නරුවේ ආර්ය ජනාවාස තිබී ඇත.

අනුරාධපුරයේ රජවූ පණ්‌ඩුකාභය කුමාරයා අනුරාධපුරයේ රජකම ලබා ගැනීම සඳහා සේනා සංවිධානය කරන ලද්දේ පොළොන්නරුව අවට පිහිටි දිඹුලාගල - රිටිගල වැනි ප්‍රදේශවල සිටය. එහිදී යක්‌ෂ ගෝත්‍රිකයින්ගේ සහාය ද නොඅඩුව ලැබුණු බව මහා වංශයේ සඳහන්ය. පණ්‌ඩුකාභය කුමාරයාගේ පියා ද යක්‍ෂ ගෝත්‍රිකයකු ලෙසද මතයක් පවතී. පණ්ඩුකාභය කුමාරයාගේ පියා ලෙස සැළකෙන දීඝ ගාමිණී කුමාරයාගේ පියා ‍වූ (පඬුවස් දෙව් රජගේ බිසව වූ භද්ද ච්චානා කුමරියගේ එක් සහෝදරයෙක්) දීඹායු කුමාරයා විවාහ වූයේ ස්වදේශීය යක්‍ෂ ගෝත්‍රිකාවක සමග බව සැලකේ. මේ ඥාති සඹඳතාවට පසු කලෙක පණ්ඩුකාභය කුමාරයාට යක්‍ෂ ගෝත්‍රික සහයෝගය ලබාගැනීමට හේතු වන්නටද ඇත.



බුදුන් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩියා යැයි සැලකෙන මහියංගනයේ යක්‍ෂ ගෝත්‍රිකයින් වාසය කර ඇත. තැනිතලා ප්‍රදේශයක මහියංගනයේ හා පොලොන්නරුව හරහා ගලන මහවැලි ගඟ ඔවුනට මනා ගංගා මාර්ගයක්ද වන්නට ඇත. 

 

ගෝපාල පබ්බතයට රන්කොත් වෙහෙර ලඟින් ලඟා විය හැක. ඒවා වල 2 වන ශත වර්ෂයට අයත් බ්‍රාහ්මී අක්‍ෂර සහිත ගුහා රැසක් හමුවේ. ඒ ගුහාවල ගෝත්‍රිකයින් වාසය කළ ලක්‍ෂණද හමුවේ.

පහත ග්‍රාම නාම දෙස බලන්න ඒ ගම් පිහිටා ඇති ස්ථාන අධ්‍යයනය කරන්න.

යක්‌බෙරවගම, යක්‌දෙහිවල, යක්‌දෙස්‌සාව, යකෙල්ල, යක්‌ගහ, යක්‌ගහගල, යක්‌ගහමුල්ල, යක්‌ගහපිටිය, යක්‌ගෙපිටිය, 
යක්‌කදුව, යක්‌කලමුල්ල, යක්‌කන්දුරව, යක්‌කන්නෙහෙර, යක්‌කටුව, යක්‌කවිට, යක්‌කිලගම, යක්‌කුඹුර, යක්‌කුරගල, යක්‌කුරේ
යක්‌මදිත්ත, යකුදෙගොඩ, යකුන්නව, යකුපිටිය, යකුරව, යක්‌වල, යක්‌විල

  











































































































































































 ස්ථානය පළාත  අක්‍ෂාංශ දේශාංශ උස (m)
යක්බැද්ද බස්නාහිර පළාත 6.9172222 79.8905556 7
යක්බෙරගම වයඹ පළාත 7.6 80.4166667 222
යක්දෙහිවල සබරගමුව පළාත 6.7166667 80.7666667 659
යක්දෙස්සාව වයඹ පළාත 7.3833333 79.9166667 13
යකෙල්ල සබරගමුව පළාත 7.1 80.3166667 125
යක්ගහ දකුණු පළාත 6.05 80.2833333 40
යක්ගහගල දකුණු පළාත 6.4 80  
යක්ගහමුල්ල බස්නාහිර පළාත 6.4833333 79.9833333 10
යක්ගහපිටිය මධ්‍යම පළාත 7.3 80.6666667 499
යක්ගෙපිටිය වයඹ පළාත 7.5 80.3833333 120
යක්කදූව බස්නාහිර පළාත 7.0833333 79.9166667 11
යක්කලමුල්ල දකුණු පළාත 6.1 80.35 52
යක්කන්දුරාව ඌව පළාත 6.9333333 81.5333333 77
යක්කන්නෙහෙර වයඹ පළාත 7.4166667 80.1833333 83
යක්කටුව දකුණු පළාත 6.25 80.1333333 24
යක්කාවිට වයඹ පළාත 7.4166667 80.2333333 67
යක්කිලගම වයඹ පළාත 7.7833333 80.0166667 46
යක්කුඹුර සබරගමුව පළාත 6.7333333 80.8333333 649
යක්කුරගල මධ්‍යම පළාත 7.85 80.6833333 197
යක්කුරේ උතුරු මැද පළාත 7.8166667 81.0166667 61
යක්මඩිත්ත සබරගමුව පළාත 6.4333333 80.6833333 474
යකුදෙගොඩ ගම්මණ්ඩිය සබරගමුව පළාත 6.8333333 80.2666667 30
යකුන්නෑව ඌව පළාත 7.1166667 81.2666667 228
යකුපිටිය බස්නාහිර පළාත 6.5166667 80.2 104
යකුරාව ඌව පළාත 6.9 81.2833333 198
යක්වල බස්නාහිර පළාත 7.0833333 80.0333333 31
යක්විල උතුරු මැද පළාත 7.3833333 80.0333333 50

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017