බයිසිකලයේ ටියුබ වලට වාතය පොම්ප කිරීමේදී ටියූබයේ ඇති කපාටය සහිත නලය සම්බන්ධකයකින් බයිසිකල් පොම්පයට සමිබන්ධ කිරීමෙන් පසුව ක්රියාත්මක කළ යුතුයි.
බයිසිකල් පොමිපයක ක්රියාකාරිත්වය.
බයිසිකල් පොම්පයේ ඉහල කොටස ඉහලට අදින විට ලෙදරය හැකිලී, ලෙදරය හා සිලින්ඩරය අතරින් වාතය ඇතුල්වේ.
තෙරපීමේදී ලෙදරය සිලින්ඩරයට තද වීමෙන් වාතය සිදුරෙන් ටියුබයට ඇතුල්වේ
වෑල්ව් ටියූබය කපාටයක් ලෙස ක්රියා කරමින් ටියුබයට ඇතුල් වූ වාතය ආපසු ඒම වළක්වාලයි.
වෑල්ව් ටියූබ් කැබැල්ල ටියුබය තුළ ඇති වාතයේ පීඩනය නිසා සිදුර මත තෙරපීමෙන් එය වැසේ.
වාතය ඇතුල්වන විට වෑල්ව් ටියුබය තල්ලු වීමෙන් සිදුර ඇරේ.