කිසිවෙක්‌ කෙනෙක්‌ අයෙක්‌ යන පද යෙදීම
 

'කිසිවෙක්‌' 'කෙනෙක්‌' 'අයෙක්‌' 'යමෙක්‌' සහ 'කවරෙක්‌' යන පද පැහැදිලි ව ඒකාර්ථය දෙමින් උක්‌ත වන කල්හි :

කාමරයෙහි කිසිවෙක්‌ නො සිටියි
එක්‌ කෙනෙක්‌ ආපසු යයි
තවත් කෙනෙක්‌ ඔහුට එකතු විය
දොස්‌තර කෙනෙක්‌ වාට්‌ටුවට එයි
එක්‌ අයෙක්‌ පොලිසියට බාර වෙයි
යමෙක්‌ පොත් කියවයි ද ඔහු උගතෙක්‌ වෙයි
යමෙක්‌ බස නිවැරදි ව හසුරුවයි ද හේ නිරවුල් ව සිතන්නෙක්‌ වෙයි
කවරෙක්‌ මේ බස අදහයි ද

(c) Shilpa Sayura Foundation 2006-2017