වායූගෝලීය පීඩනය යනු පෘථිවිය මත වායූගෝලය මඟින් ඇති කරන පීඩනයයි. මෙලෙස වන්නේ වාතයට බරක් ඇති බැවිනි.
පොළොවේ සිට ඉහලට යන විට වායූගෝලීය පීඩනය අඩුවේ.
![](/unidata/m82/7/9/6/tthub_p_4037ic1_3.jpg)
වායුගෝලීය පීඩනයේ බලපෑම පරික්ෂා කරමු.
![](/unidata/m82/7/9/6/tthub_p_4037ic1_3.jpg)
වායුගෝලීය පීඩනයේ බලපෑම පරික්ෂා කරමු.
මෙම පරීක්ෂණය පහත ලෙස සිදුකරන්න.
• හිස් ඇලුමිනියම් බීම බඳුනකට ජලය ස්වල්පයක් දමා වාෂ්පවන තෙක් රත්කර ගන්න.
• ඉන්පසුව බඳුනේ කට සීල් කර නිමෙන්නට හරින්න.
• බඳුනට එවිට කුමක් සිදුවේද?
රූපයේ දැක්වෙන පරිදි බීම බඳුන නිවෙන විට බඳුන හැහිලෙයි.
එසේ වන්නේ වායුගෝලීය පීඩනය නිසායි.
ජල වාෂ්ප සමඟ පිටවන නිසා ඇතුලත පීඩනය අඩු වේ.
වායුගෝලීය පීඩනය යොදා ගන්නා අවස්ථා කිපයක් පහත වේ.
1. බීම බටයෙන් උරන විට බීම ටික ඉහලට එන්නේ වායුගෝලීය පීඩනය නිසාය.
වායුගෝලීය පීඩනය යොදා ගන්නා අවස්ථා කිපයක් පහත වේ.
1. බීම බටයෙන් උරන විට බීම ටික ඉහලට එන්නේ වායුගෝලීය පීඩනය නිසාය.
2. සිරින්ජයකට ඖෂධ දියරයක් ඇතුල් කර ගැනීමට හැකි වී ඇත්තේ වායුගෝලීය පීඩනය නිසායි.
3. ලිඳක තිබෙන ජලය , ජල පොම්පයකින් ඉහලට ගත හැකි වී ඇත්තේද වායුගෝලීය පීඩනය නිසාය.
![](/sayura/images/logo2.png)