ගැඹුර සමග පීඩනය වෙනස් වන බවට පරීක්ෂණය
 
ද්‍රවයක් තුළ පීඩනය සිදුවන්නේ කෙසේද බලමු.
 
•  ජලයෙන් පිරී ඇති ප්ලාස්ටික් බඳුනක් හෝ පොලිතීන් බඳුනක් ගෙන එහි එකම මට්ටමේදී සමාන සිදුරු දෙක බැඟින් විදගන්න.

 
• එම සිදුරුවලින් විදින ජල පහර ගමන් කරන දුර අනුව නිගමනයකට එන්න.
 
• එකම මටිටමේදී විදින ලද A හා B සිදුරු වලින් විදින ජල පහරවල් සමාන දුරකට ගමන් කරයි.
 
• C හා D සිදුරු වලින් විදින ජල පහරවල් ද ගමන් කරන්නේ සමාන දුරකටය.
 
• A හා B සිදුරු වලින් හා C හා D සිදුරු වලින් විදින ලද ජල පහරවල් වලින් වැඩි දුරක් ගමන් කර ඇතිතේ A හා B සිදුරු වලිනි.
 
ද්‍රවයක ගැඹුරට යත්ම පීඩනය වැඩි වන අතර ද්‍රවයක එකම ගැඹුරේ දී ස්ථාන දෙකකදී ඇතිවන පීඩනය සමානවේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017