පීඩනය, බලය හා වර්ගඵලය මැනීම
 
පීඩනය මනිනු ලබන්නේ, ඒකක වර්ගඵලයක් මත ලම්බව ක්‍රියාකරන බලය මගිනි.
පහත දක්වා ඇති සමීකරණය මඟින් පීඩනය මැනගත හැකිය.

 
පීඩනය මනිනු ලබන ඒකක වන්නේ වර්ග මීටරයට නිවුටන් ලෙසය(Nm-2) වලිනි.
 
බලය වැඩිකරන විට පීඩනයේ සිදුවන වෙනස්කම් සොයා බලමු.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :.
 
ස්පොන්ජ් කැබැල්ලක්, ඊට සමානම දිගින් පලළින් යුත් ලෑලි කැබැල්ලක්, සිහින් කම්බියක්, ටින් පියනක්, 200g සිට 500g  දක්වා විවිධ තරාදි පඬි හා නූලක්.
 
පහත උපකරණය පිළියෙල කරගන්න.
 
තැටිය මත 250g පඩිය තබන්න.
එවිට ස්පොන්ජ් කැබැල්ල මත කම්බිය කොපමණ ගැඹුකට ගිලෙනු ඇද්ද නිරීක්ෂණය කරන්න.
 
තැටිය මත ඇති බර වැඩිකරමින් ඒ ඒ අවස්ථාවලදී කම්බිය ගිලෙන ගැඹුර නිරීක්ෂණය කරන්න.
 
කම්බිය මඟින් ස්පොන්ජ් කැබැල්ල මත යෙදෙන බලය වැඩිවන විට පීඩනය වෙනස් වන අයුරු දැකගත හැක.
 
පෘෂ්ඨයක් මත යොදන බලය වැඩිවන විට ඒ මත යෙදෙන බලය ද වැඩි වේ.
 
ඉහත ක්‍රියාකාරකමෙහි ක්‍රියා මාර්ග සැලකිල්ලට ගනිමින් බලය ක්‍රියා කරන වර්ගඵලය වැඩිවන විට දී පීඩනය වෙනස් වන ආකාරය දැනගැනීමට පරීක්ෂණයක් සැලසුම් කරන්න.
 
බලය ක්‍රියාකරන වර්ගඵලයන් වෙනස් කරමින් විවිධ විෂ්කම්බ සහිත කම්බි යොදා ගනිමින් ඔබේ සැලසුම් වලට අනුව නිරීක්ෂණ ඇසුරින් නිගමනයකට එන්න.
 
බලය ක්‍රියාකරන වර්ගඵලය වැතිවත්ම ඇතිවන පීඩනය අඩුවන බව පැහැඳිළි වෙයි


 
(c) Shilpa Sayura Foundation 2006-2017