අයිස් මත යන මේ වාහනයේ චයර බලන්න. ඒවාට දම්වැල් යොදා ඇත
• වාහනයක් එසවීමට ජැක්කුවක් සවිකිරීමේදී ජැක්කුව යටින් ලෑල්ලක් තැබීම.
• කොන්ක්රීට් පුවරුවක් සදන අවස්ථාවකදී ඊට යටින් යොදන මුක්කුවල පතුලට ලෑලි කෑලී සවි කිරීම.
• මඩ සහිත පාරක ගමන් කිරීමට අපහසුය. එවැනි අවස්ථාවක ලෑලී ඇතිරීමෙන් නොඑරී ගමන් කළ හැකිය.
මෙම එක් එක් අවස්ථාවලදී ලෑලි තැබීම නිසා එරීයාම වලක්වා ගැනීමට හැකි වූයේ ඒ ඒ අවස්ථාවලදී යෙදුනු බල වැඩි ප්රදේශයක් තුළ පැතිරී ගිය බැවිනි. බලය පැතිරයාම පීඩනය අඩු කරයි.
බෝල්පොයිට් පෑනක කොපුවක් ගෙන එය මාපටැඟිල්ල හා දබරැඟිල්ල අතර රදවාගන්න. මෙලෙස තබාගත් කොපුව මාපටැඟිල්ලෙන් හා දබරැඟිල්ලන් මඳක් තෙරපා බලන්න.
එවිට අතට කිසියම් වෙනසක් දැනෙනු ඇත.
පෑන් කොපුවේ උල්පැත්තෙන් වැඩි වේදනාවක් හා ගැඹුරු සලකුණ ත් ඇතිවේ
මෙසේ වන්නේ එම පැත්තෙන් ඇඟිල්ල මත වැඩි පීඩනයක් යෙදෙන නිසාය.
යොදන බලය සමාන වුවත් පෑන් කොපුවේ හිස පැත්තෙන් ඇඟිල්ල මත යොදන පීඩනය අඩුය.