දැතිරෝද යෙදූ යන්ත්‍ර
 
බයිසිකලය දැති රෝද යෙදු යන්ත්‍රයකි .
දැති රෝද මඟින් කුමන ක්‍රියාවක් සිදුවේද?. 
 


බයිසිකලයේ පාදිකයට සවිකර ඇති දැති රෝදය හා පිටුපස රෝදයට ද දැති රෝදයක් සවිකර ඇත. 
 
එම රෝද දම්වැලකින් සමිබන්ධ කර ඇත. 
 
රෝදවල දැතිවලට දම්වැල වැටී ඇත.

පාදිකය කරකැවෙන විට දම්වැල ගමන්මර පසුපස රෝදය භ්‍රමණය වෙයි.

පාපැදිකයට සමිබන්ධ කර ඇති දැති රෝදය එසේත් නැතිනම් එලවුම් රෝදයට යොදන බලය පිටුපස රෝදයට සවිකර ඇති දැති රෝදයට දම්වැල ඔස්සේ සම්ප්‍රේෂණය වේ.

රෝද දෙකේ කුමන දිශාවකට භ්‍රමණය වෙයිද?
දැති රෝදයකින් තවත් දැති රෝදයක් කරකවන අවස්ථා ද තිබේ. එනම්, ඔරලෝසුවක, මැෂිමක, ෂිට් රබර් සාදන යන්ත්‍ර වල දැති රෝදයකින් තවත් දැති රෝදයක් කැරකීම සිදුකරයි .
මේ කොටසේ ක්‍රියාකාරීත්වය ඔබට ව්ස්තර කල හැකිද?
(c) Shilpa Sayura Foundation 2006-2017