වෘත්තාකාර චලිතය හා උදාහරණ
 
වෘත්තාකර චලිතය සිදුවන්නේ කෙසේදැයි බලමු.
 
• මේ සඳහා පොලිතින් කවරයක් හා රබර් බෝලයක් ගන්න.
 
• තුනී පොලිතීන් කවරයකට රබර් බෝලය දමා පෝලිතීන් කවරයේ කට නූලකින් බැඳ ගන්න.
 
• දැන් නූලේ අනිත් කෙළවරින් අතින් අල්ලාගෙන අත ඔසවා ඔබේ හිසට ඉහලින් බෝලය කරකවන්න.
 
බෝලය චලනය වීමේදි පහත නිරීක්ෂන ලබාගත හැකිදැයි බලන්න.
 
1. බෝලය කැරකවීමේදී වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ චලනය වීම.
 
2. මෙසේ බෝලය චලනය වන විට නූල ඇදී පවතියි.
 
3. බෝලය ගමන්කරන වෘත්තයේ පරිධිය දෙසට නූල ගමන් කරනබව අතට දැනෙයි. 
 
වස්තුවක් වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී වස්තුව චලනය වන දිශාව මොහොතින් මොහොත වෙන්වේ. 
                                  
වෘත්ත චලිතය පවත්වාගෙන යාමට  නම්  බලයක් ක්‍රියාකළ යුතුය.
එම බලය යොමු වන්නේ එය ගමන් කරන වෘත්තයේ කේන්ද්‍රය දෙසටය.
පහත දැක්වෙන්නේ වස්තුවක් වෘතාකාර චලිතයක යෙදෙන ආකාරයයි.
 
(c) Shilpa Sayura Foundation 2006-2017