සමතලා බිමක බෝලයක් තබා එයට පා පහරක් දුන්නවිට එය චලනය වන ආකාරය ඔබ දැක ඇත.
බෝලය නවතින තෙක් එකම දිශාවකට ගමන් කරයි.
මෙසේ බෝල ගමන් කළ ගමන් මග සරල රේඛාවකින් දැක්විය හැක.
වස්තුවක් තල්ලු කරනවිට එය බලය යොදන දිශාව ඔස්සේ චලනය වෙයි.
පහත රූපයෙන් බලය යොදන දිශාවත් එය චලනය වන දිශාවත් දැක්වේ.
උදාහරණ ලෙස පහත රූපවලින් දැක්වෙන ගසකින් ගෙඩියක් පොළොවට වැටීම, බෝලයකට පා පහරක් ගැසීම, වාහනයක් තල්ලු කරගෙන යෑම මේවා චලනය වන්නේ සරල රේඛීවය.
උදාහරණ ලෙස පහත රූපවලින් දැක්වෙන ගසකින් ගෙඩියක් පොළොවට වැටීම, බෝලයකට පා පහරක් ගැසීම, වාහනයක් තල්ලු කරගෙන යෑම මේවා චලනය වන්නේ සරල රේඛීවය.
මෙලෙස සරල රේඛාවක් ඔස්සේ සිදුවන චලිතය සරල රේඛීය චලිතය ලෙස හඳුන්වයි.