ක්‍රියා පද බල ධාතුව ඇසුරින් වර නැගීම
 

ක්‍රියා පද වර නැඟෙන පිළිවෙළ 'බල' ධාතුව ඇසුරින් මෙසේ දැක්‌විය හැකි ය


ශුද්ධ ක්‍රියා පද
ඒකවචන බහුවචන
බලමි බලමු / බලමෝ / බලම් හ
බලහි බලහු
බලයි බලති / බලන්
බැලීමි බැලීමු / බැලුමු
බැලිහි බැලීහු / බැලුහු
බැලී බැලූ / බැලූහ

කෘදන්ත ක්‍රියා පද
ඒකවචන බහුවචන
බලන්නෙමි බලන්නෙමු / බලන්නමු
බලන්නෙහි බලන්නෙහු / බලන්නහු
බලන්නේ (ය) බලන්නෝ (ය)
බලන්නී (ය) බලන්නෝ (ය)
බැලුවෙමි බැලුවෙමු / බැලුවමු
බැලුවෙහි බැලුවෙහු / බැලුවහු
බැලුවේ (ය) බැලුවෝ (ය)
බැලුවා (ය) බැලුවෝ (ය)

ඒකවචන ආඛ්‍යාත යෙදෙන අවස්‌ථා
ප්‍රාණවාචි ඒකවචන නාම පදයක්‌ උක්‌ත වන කල්හි :
මිනිසා පොත බලයි
කාන්තාවක්‌ ගී ගයයි
ළමයෙක්‌ හඬයි
දැරියක්‌ දුවයි
මම ලිපියක්‌ ලියමි
අපි අවංක වෙමු

මෙම ආඛ්‍යාත සඳහා අතීත හා වර්තමාන ක්‍රියා පද තවත් ඇත. ඒවා අවශ්‍ය පරිදි යොදා ගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017