කුඩා මෝටරයක් සෑදීම
 

දැන් අපි සරල විදුලි විදුලි මෝටරයක් සාදන්නේ කෙසේදැයි බලමු.
මේ සදහා ඔබ ප්‍රථමයෙන් පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සකසා ගන්න.
 
1. පොරොප්පයක්.
2. යකඩ ඇණ තුනක්.
3. ටින් පතුරු දෙකක්.
4. සිහින් වීදුරු බටයක්.
5. විදුලි කෝෂ දෙකක්.
6. ස්වීච්චියක්.
 
දැන් කුඩා මෝටරය සාදා ගන්නා අයුරු පියවරෙන් පියවර පැහැදිලි කර ගනිමු.

 


       1 වන රූපය             2 වන රූපය                    3 වන රූපය
 
* 1, 2 රූප වල දැක්වෙන ආකාරයට පොරොප්පය තුළට වීදුරු බටයත් ඇණයත් බස්සන්න.

 

* 3 වන රූපයේ දැක්වෙන ආකාරයට ඇණය වටා දඟරය ඔතන්න.

කම්බිය ඔතා ඇත්තේ වාමාවර්තව ද දක්ෂිණාවර්ත ලෙසද යන්න සැලකිලිමත් වන්න.
 
* කම්බියේ කෙළවරයන් පරිවරනය ඉවත් කර වීදුරු බටයට හේත්තු වන සේ තඹ කම්බි කොටස රබර් පටියකින් බදින්න.

 


                    4 වන රූපය


* 4 වන රූපයේ පරිදි ලෑල්ලකට ඇණ තුනක් ගසා ගන්න.

දෙපැත්තේහි ඇති ඇණ දෙකේ දඟර දෙකක් ඔතන්න.

දඟර ඔතන විට ඒ දෙකෙහි දෑතට විය යුතුය.

පසුව පොරොප්පය මැද ඇණය මත රදවා ගන්න.

රූපයේ දැක්වෙන පරිදි ඇණ වල එතු කම්බි විදුලි කෝෂ වලට සම්බන්ධ කරන්න.

දඟරවල අනෙක් දෙකළවර පොරොප්පයේ එතූ කම්බියේ දෙකළවරට ස්පර්ශවන ලෙස තබන්න.

දැන් ඔබ මෙයට විදුලි බලය ලබාදී බලන්න.

පොරොප්පය දෙදරණ ගතියකින් යුක්ත වන බව ඔබට පෙනේ.දැන් ඔබ පොරොප්පයට අතින් මඳ තල්ලුවක් දෙන්න.

එවිට ඔබ සාදාගත් සරල විදුලි මෝටරය කැරකෙන අයුරැ දැකගත හැකිවේ.

 

 
(c) Shilpa Sayura Foundation 2006-2017