ප්ලෙමින්ගේ වමත් නීතිය හා අත්හදා බැලීම
 
චුම්බක ක්ෂේත්‍රයක ඇති විද්‍යුත් ධාරාව ගමන් කරන සන්නායකයක් චලනය වීම සිදු වන්නේ කුමන  දිශාවකට ද යන්න තීරණය කිරීමට කදිම ක්‍රමයක් විද්‍යාඥ්ඥ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං වමත් නීතිය මඟින් පෙන්වා දේ.

වමතේ මහපටැඟිල්ලත් දබරැඟිල්ලත් මැදැඟිල්ලත් එකකට එකක් ලමිබ වන සේ සකස් කර ගෙන දබරැඟිල්ල චුම්බක ක්ෂේත්‍රය දෙසටත් සන්නායකයේ ධාරාව ගලන දෙසට මැදැඟිල්ලත් යොමු කළ විට සන්නායකයේ චලිත දිශාවට මාපටැඟිල්ල යොමු වේ.

මෙම ක්‍රියාව පහසුවෙන් කිරීමට
පළමුව ක්ෂේත්‍රයේ දිශාවට දබරැඟිල්ල යොමු කරන්න. පසුව අත කරකවා ධාරාවේ දිශාවට මැදැඟිල්ල යොමු කන්න,එවිට ඉතා පහසුවෙන් සන්නායක දඟරය චලිත වන දිශාව සොයාගත හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017