විදුලි මෝටරයක ක්‍රියාකාරිත්වය දැන ගැනීමට චුම්බක ක්ෂේත්‍රයක තැබූ ඇතිල්ලුම් විලි සහිත දඟරයක් ආශ්‍රයෙන් පැහැඳිලි කර ගනිමු.
පළමු වන රූපයේ පරිදි P ඇතිල්ල X විල්ලේ හා Q ඇතිල්ල Y විල්ලේ ස්පර්ශ වන විට DCAB අතට ධාරාව ගලයි. එවිට සිදු වන්නේ AB ඉහලටත් CD පහළටත් චලනය වීමයි. එවිට අපට පැහැඳිළි වන්නේ දඟරය වාමාවර්තව භ්‍රමණය වන බවයි.
දෙවන රූපයෙන් දැක්වෙන්නේ ඒ ආකාරයට භ්‍රමණය වූ දඟරය සිරස් පිහිටීම පසු කරන අවස්ථාවයි.
මෙහි දී X,Y විලි දෙක P,Q ඇතිලි දෙක හා ස්පරිශ මේදි මාරූවීමක් සිදු වේ. එනම P ඇතිල්ලේ ස්පර්ශ වෙමින් තිබූ X විල්ල Q සමඟ ද Q ඇතිල්ලේ ස්පර්ශ වෙමින් තිබූ Y විල්ල P සමඟ ද ස්පර්ශ වීම ඇරඹේ.
ඒත් සමඟම AB,CD යන සන්නායක වල ධාරාව ගලන අත් වෙනස් වෙයි. එනිසා ඒ මත ක්‍රියා කරන බලයේ දිශා ද වෙනස් වේ.
මෙම ක්‍රියාව දිගින් දිගටම නොකඩවා සිදුවීමෙන් දඟරය දිගටම භ්‍රමණය වීමයි. මෙය විදුලි මෝටරයක ප්‍රධානත ක්‍රියාවයි.