සන්නායක තුලින් ධාරාවක් ගලන විට ඇතිවන චුම්බකත්වය
 
සන්නායකයක් තුළින් ධාරාවක් ගලන විට ඇති වන චුම්බකත්වය පරීක්ෂා කර බලමු.

පහත ද්‍රව්‍යන් සපයා ගන්න.
සෘජු කම්බි කැබැල්ලක්, විද්‍යුත් කෝෂ කිහිපයක්, ස්වීච්චයක් හා සම්බන්ධ කම්බි.
 
 

 
දැන් පහත රූපයේ දැක්වෙන ආකාරයට ඒවා සම්බන්ධ කරගනිමු.
සෘජු කම්බිය තිරස් අතට සවිකර ගන්න.
ඒ අසලින්ම මාලිමාවක් අල්ලා එහි කටුවේ දිශාව එල්ලේ කම්බිය තබා ගන්න. 
 
දැන් ස්වීච්චය දමන්න.
 
දැන් මාලිමා සුචියට කුමක් සිදු වේද?
 
මාලිමාව හා කම්බිය අතර දුර වෙනස් කරමින් කුමක් සිදු වේදැයි බලන්න.මාලිමාව කම්බිය ඉහලින් ද පහලින් ද කම්බිය වටා තැනින් තැන තබමින් නැවත පරීක්ෂණය කරන්න.
 
  සන්නායකය තුළින් විදුලි ධාරාවක් ගමන් කිරීමේදී මාලිමා සුචිය එල්ල වන දිශාව වෙනස් වන ආකාරය දැකිය හැක.
 
කම්බිය වටා සෑම තැනක දී ම මෙම වෙනස් වීම් සිදු වනු දැකිය හැක.
 
කම්බියෙන් ඈතට යනවාත් සමඟම මාලිමා සුචිය හැරෙන ප්‍රමාණය අඩු වේ.
 
සුචිය හැරෙන තරම වැඩි කර ගන්නට විදුලි කෝෂ වැඩි කර විද්‍යුත් ධරාව වැඩි කළ යුතුය.
(c) Shilpa Sayura Foundation 2006-2017