නාම පදයෙහි ගෞරවාර්ථ රූපයක් ද වෙයි.
එහි උක්‌ත රූප මෙසේ ය.
ඒකවචන ගෞරවාර්ථ බහුවචන
රජ රජහු/රජ්ජුරුවෝ
පියා පියහු/පියාණෝ
පුතා පුත්හු/පුතහු/පුතණුවෝ
මව මෑණියෝ
වළගම්බා වළගම්බාවෝ
හේමමාලා හේමමාලාවෝ
විශ්වනාථ විශ්වනාථයෝ
ගෞරවාර්ථ නාම පද උක්‌ත වන කල්හි :
රජ්ජුරුවෝ දැහැමින් රට පාලනය කරති
පියාණෝ දරුවන්ට අවවාද දෙති
මෑණියෝ මල් නෙළති
පුතණුවෝ මව්පියන් වඳිති
අප්‍රාණවාචි ඒකවචන පදයක් ප්‍රාණවාචි බහුවචන රූපයක් ගෙන උක්‌ත වන කල්හි :
ගංගාවෝ ගලති
තාරකාවෝ බබළති
වෘක්‌ෂයෝ වැඩෙති
ඇතැම් රීතිහු වෙනස් වෙති
හේතුහු පෙනෙති
ප්‍රාණවාචි ඒකවචන නාම පද කීපයක් 'ද' හා 'සහ' යන සමුච්චයාර්ථ නිපාතයකින් හෝ "ත්" යන්නෙන් හෝ උක්‌ත වන කල්හි :
පියා ද පුතා ද පන්සල් යති
ශිෂ්‍යයෙක් හා ගුරුවරයෙක් සභාව අමතති
කොරෙක් සහ අන්දයෙක් සිඟා කති
ක්‍රීඩකයාත් ක්‍රීඩිකාවත් තරඟයට දුවති
ඔහු ද මම ද රැස්‌වීමට යමු
ස්‌ත්‍රී ලිංග උක්‌ත පදයක් හා යෙදෙන අතීත ශුද්ධ ක්‍රියා පදය :
මහාමායා දේවී තුසී පුරේ විසූ
කාන්තාවන් ගී ගැයූ
මේ සාම්ප්‍රදායික රීතියකි
සංශයාර්ථය හෝ වාර්තාර්ථය හෝ දෙන අන්තර් වාක්‍යයෙහි ක්‍රියා පදය :
හෙට මිනිසෙකු එති යි මම නො සිතමි
කාන්තාව එඩිතර නො වෙති යි නො සිතන්න
ළමයකු වැඩිහිටියකුට පහර දුන්හ යි වාර්තාකරුවෝ පැවසූහ
නිළියක වේදනාවෙන් ඇඬූහ යි වාර්තාකරුවෝ පැවසූහ
හෙට මිනිසුන් එති යි මම නොසිතමි
ඈ නවකථා කියවති යි ලේඛකයෝ නො දනිති
සැ.යු. මෙහි අන්තර් වාක්‍යයේ කර්තෘ කවර පුරුෂයකට හෝ කවර සංඛ්‍යාවකට හෝ අයත් වෙතත් එය අනුක්‌ත රූපයෙන් සිටී.