ස්ථුපයේ විකාශනය වූ ආකාරය
 

බෞද්ධ ස්‌තුපය සොහොන් ස්‌මාරක ප්‍රභවය කොට ගෙන නිර්මාණය වන්නට ඇතැයි අනුමාන කොටගෙන ඇත. ආර්යයන් මියගිය පසු පසින් යට කොට ස්‌මාරක ඉදිකිරිමේ සිරිතක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය කොටගෙන ඇත. පුරාණ ශ්‍රීක රෝම ඡනතාවද අනුස්‌මරණ ස්‌ථම්භ පිහිටවුහ. එයට කදිම උදාහරණය වන්නේ මිසරයේ පිරිමිඩ නැමැති වාස්‌තු විද්‍යාත්මක සොහොන් කොත් කලාවයි. සුමේරියානු වාස්‌තු විද්‍යාවේ ද බෞද්ධ ස්‌ථුපයට සමාන සිග්ගුරත් නමින් හදුන්වා ඇති ගොඩනැගිලි විශේෂය මළවුන් ඇඳහීම උදෙසා නිර්මාණය කොටගෙන ඇත. ක්‍රි.පු. යුගයට අයත් රෝමයේ ඉටස්‌ක්‍රන් නැමැති ස්‌ථානයේ ඇති කොප් නැමැති වෘත්තාකාර වාස්‌තු විද්‍යාත්මක නිර්මාණය ද බොහෝ සෙයින් බෞද්ධ ස්‌තුපයට සමානකම් දක්‌වයි.


ලක්‌දිව පැරණිතම ස්‌තුපය යෑයි මහාවංශයේ දැක්‌වෙන්නේ ගිරිහඩු සෑය සහ මහියංගන දාගැබය. මහියංගන දාගැබ පොළොන්නරු යුගයේදී ප්‍රතිසංස්‌කරණය කරනු ලැබිණ. ලක්‌දිව ඓතිහාසික ස්‌තුපය (ශිලාලේඛන අනුව පැරණිතම ද්‍රගැබ) වන්නේ ක්‍රි.පු. 244 දී පමණ ගොඩනගන ලද අනුරාධපුර ථුපාරාම ද්‍රගැබ වේ. මෙය ක්‍රි.පු. 250 - 210 අතර ගොඩනංවන ලද බවට ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන් විසින් කරුණු ඉදිරිපත් කොට ඇත. මෙම ථුපාරාම ද්‍රගැබ නිර්මාණය සඳහා මැටි අභය වැවෙන් සපයාගෙන ඇත. ගඩොල් සහ මැටි භාවිතකොට ධාන්‍යාකාර හැඩයෙන් යුතුවන පරිදි ථුපාරාම ද්‍රගැබ ඉදිකොට ඇත.

ඇතුල්වීමට දොරටු දෙකක්‌ ඇතිව උසට තනන ලද කවාකාර මඑවක්‌ මැද ථුපය ඉදිකොට ඇත. එයට පිටින් වටදාගෙයට අයත් මාලක දෙකක්‌ පිහිටා ඇත. මුල්කාලයේ ථුපාරාමයට ථුපඝරයන් නොතිබුණු අතර එය ඉදිකරවන ලද්දේ වසභ රඡු (ක්‍රි.පු. 67 - 111) කාලයේදී වේ. වටදාගෙය වටා වාලුකා බැම්මක්‌ ඉදිකර ඇත. බුදුන්වහන්සේ ගේ අකු ධාතුව ථුපාරාමයේ නිදන් කොට ඇති බවට තොරතුරු විවිධ ග්‍රන්ථවල සඳහන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017