1:50,000 පරිමාණයට අනුව අඳින ලද, ශ්‍රී ලංකා මෙට්රික් සිතියම්වල සමෝච්ච රේඛා අන්තරය මීටර 20 ක් වන අතර සමෝච්ච රේඛා අඳිනු ලබන සම්මත වර්ණය වන්නේ දුඹුරු පැහැයයි. වඩාත් නිවැරදිව සමෝච්ච රේඛා සිතියම් ඇඳීමට ගුවන් ඡායාරූප බෙහෙවින් උපකාරි වේ.
1 : 50,000 භු ලක්ෂණ සිතියම්වල සංස්කෘතික තොරතුරු නිරූපණය කිරීමට යොදා ගනු ලබන වර්ණ ?
නිල් පැහැය - ගංගා, ඇළවල්, වැව්, වගුරු බිම්, මුහුදු වැනි ජලය හා බැදුණු ලක්ෂණ පෙන්වීමට.
කොළ පැහැය - වී වගාව සඳහා.
රතු පැහැය - ප්රධාන මාර්ග, දුම්රිය ස්ථාන, තැපැල් කාර්යාලය, උසාවිය, පාසැල, රෝහල, පරිපාලන මායිම් ආදිය දැක්වීම සඳහා.
කහ පැහැය - වෘක්ෂලතා හා බෝග වගාවන් පෙන්වීමට.
තද කහ පැහැය - සෙසු මාර්ග දැක්වීමට.
දුඹුරු පැහැය - සමෝච්ච රේඛා, වැව් බැම්ම, වැලිතලාව හෝ වෙරළ පෙන්වීමට.
කලු පැහැය - දුම්රිය මාර්ග, ගොඩනැගිලි, ජනාවාස, ත්රිකෝණමිතික උස, ස්ථානීය උස, ගල්වල ගල, කණ්ඩිය (ඉවුර), කැපුම, රක්ෂිත වන අභය භුමි ආදිය පෙන්වීමට.
රෝස පැහැය - ඉඳි කළ ප්රදේශ දැක්වීමට.
සිතියම් ගත තොරතුරු නිරූපණය කළහැකි ක්රම මොනවාද ?
1. ද්විමාන ආකාරයෙන් දැක්වීම - කඩදාසියක් වැනි පැතලි තලයක සම්මත වර්ණ හා සංකේත භාවිතයෙන් ඇඳීම.
2. ත්රිමාණ ආකාරයෙන් දැක්වීම - මැටි, රිජිෆෝම්, පල්ප් වැනි දේ භාවිතයෙන්