කෘදන්ත රූපයක් අවධාරණය වන කල්හි ඒ හා සම්බන්ධ වන කර්තෘ හඟවන නාම පද :
අමාවතුර ලියුවේ ගුරුළුගෝමීන් ය
වැව් සෑදුවේ සිංහලයන් ය
සත්‍යය වසන් කරන්නේ කුහකයන් ය
ගී ගයන්නේ ළමයින් ය
ළමයකු රාත්‍රියෙහි තනි මඟ නොයා යුතු ය
නිළියක දිනපතා ම රංගනයෙහි යෙදීම මැනවි
මා ඔබට ඇත්ත කිව යුතු ය
අප හැම දා අවංක වීම යෙහෙකි
පයින් යන්නන් දකුණු පසින් යා යුතු ය
'දෙනකු' 'දෙනෙකු ' 'දෙනකුන් ' 'දෙනෙකුන් ' 'දෙනා ' 'දෙන' යන රූප හා තදාශ්රිත ව යෙදෙන නාම පද :
අපි මිනිසුන් බොහෝ දෙනකු / දෙනකු හදුනමු
සභාපති තුමා කාන්තාවන් හැම දෙනා / දෙන හමු විය
දෙමාපියෝ ගුරුවරුන් වැඩි දෙවකුන් / දෙනෙකුන් නො හදුනති
ගුරුවරයා අප බොහෝ දෙනා / දෙන නො හදුනයි
' හා ' ' සහ ' යන නිපාත ' කැටුව ' ' සමඟ ' යන අර්ථයෙහි යෙදෙන
කල්හී ඊට පූර්වයෙන් යෙදෙන නාම පද :
ශිෂ්‍යයෝ ශිෂ්‍යාවන් හා තරඟ වැදෙති
නළුවෙක් නිළියක හා වේදිකාවට ආවේ ය
නිළියක් නළුවකු හා කරලියට ආවා ය
ඔබ මා හා අමනාප වන්නේ ඇයි
ඔබත් අප හා එක් ව සටන් වදින්න
'සුරන් සහ සහසැ'ස් නො කර සිටියේ - අහස් කුස් හිස්'
ප්‍රාර්ථනයක් නොහොත් සැකයක් පළ කරන ' වි ' නිපාතය හා සම්බන්ධ නාම පද :
ගොවියන් අටු කොටු පුරවා වි
නායකයන් නිසි මඟ දක්වා වි
ඔවුන් තරඟයෙන් දිනා වි