අන්තර් වාක්‍ය
 

සංශයාර්ථය හෝ වාර්තා අර්ථය හෝ හඟවන අන්තර් වාක්‍යවල කර්තෘ පද :
හෙට මිනිසුන් එති'යි මම නොසිතමි
කාන්තාවන් රැස්‌වීමට පැමිණෙති'යි කවුරුත් විශ්වාස කළහ
ළමයකු වැඩිහිටියනට පහර දුන්හ'යි මම නො අදහමි
නිළියක වේදනාවෙන් ඇඬූහ'යි වාර්තාකරුවෝ පැවසූහ
මා නිර්භය නො වෙති'යි නො සිතන්න
ගංඟාවන් සොබා දහම අලංකාර කරති'යි කිවියෝ කියති
භාෂා රීතීන් කලින් කලට වෙනස්‌ වූහ'යි වාග් විද්‍යාඥයෝ පවසති

අන්තර් වාක්‍යවල යෙදෙන 'යනවා' 'බලනවා' 'ආවා' 'බැලුවා' වැනි කෘදන්ත සමඟ බැදෙන නාම පද :

'බැලුවා' වැනි කෘදන්ත සමඟ බැඳෙන නාම පද :
රැස්‌වීමට මිනිසුන් යනවා අපි දුටුවෙමු
කාන්තාවන් මේ පොත බලනවා නම් ඉතා හොඳ ය
ළමයකු හිස්‌ අතින් ආවා නම් අනුකම්පා කරන්න
නිළියක මිහිරි හඬින් ගී ගයමින් පිරිස දෙස බැලුවා
මම ද දැක්‌කෙමි
මා ගී ගයනවා ඔබ අසා තිබේ ද ?
අප මිහිරි හඬින් ගැයුවා නම් ඔවුන් අත්පොළසන් දෙනු ඇත
ගංඟාවන් පිරී යනවා නම් කෙත් වතු ද සරුසාර වෙයි
කලින් කලට ඇතැම් රීතීන් වෙනස්‌ වෙනවා අපි දුටුමු/දුටිමු

(c) Shilpa Sayura Foundation 2006-2017