සෙවනැලි ඇඳීමට ජ්‍යාමිතිය
 

සෙවනැලි ඇඳීමට පියවර පහකි.

1. පර්යාවලෝකන අවකාශයේ ආලෝකය වැටෙන දාර සොයා ගැනීම.
2. ආලෝකය අතුරුදහන් ලක්‍ෂ්‍යය සොයාගැනීම
3. ආලෝක තලය හා එහි අතුරුදහන් රේඛාව නිගමනය කරගැනීම
4. සෙවනැල්ල වැටෙන මතුපිට හා එහි අතුරුදහන් රේඛාව නිගමනය කරගැනීම
5. සෙවනැල්ල අතුරුදහන් වන ලක්‍ෂ්‍යය සොයාගැනීම


සෙවනැල්ලේ ප්‍රමාණය තීරණය වන්නේ එහි දාරයේ පර්යාවලෝකන දිශාව සහ ආලෝකය අතුරුදහන් ලක්‍ෂ්‍යය අනුවය.

 

ඉර දකින්නාට පසුපසින් තිබෙන විට දාරයක සෙවනැල්ල තිරස් තලයක වැටීම

An inclined edge shadowing a horizontal surface plane
light source behind the viewer

කොළ පැහැ ep1 හා ep2 ලක්‍ෂ්‍යයන් තැඹිළි පැහැ සෙවනැල්ලි දාරයේ  පර්යාවලෝකන ස්ථානය, දිශාව හා  දිග දක්වයි.

ආලෝක අතුරුදහන් ලක්‍ෂ්‍යය වන්නේ lvp ය. 

මතුපිට තලය භූමිය වන අතර එහි සෙවැනැලි අතුරුදහන් රේඛාව spvl යන ක්‍ෂිතිජය වේ.

සෙවනැලි දාරය දෙපසට දිගු කිරීමෙන් eip හිදී මතුපිට හා සෙවනැලි දාරය කැපේ.
සෙවනැලි දාරයේ අතුරුදහන් ලක්‍ෂ්‍යය evp වන අතර එය ආලෝක තලයේ පිහිටන සියලු ඊට සමාන්තර කිරණ අතුරුදහන් ලක්‍ෂ්‍යය වේ.

lvp සිට evp ට ඇඳි රේඛාවෙන් ආලෝක තලයේ lpvl අතුරුදහන් රේඛාව දේ. 

lpvl හා spvl රේඛා කැපීමෙන් සෙවනැලි අතුරුදහන් ලක්‍ෂ්‍යය svp දක්වයි.

eip සිට svp දක්වා ඇඳි රේඛාව svl සෙවනැලි අතුරුදහන් රේඛාව දක්වයි.
ඉන් මතුපිට තලයේ සෙවනැල්ලේ දාරයේ ස්ථානය හා රූප තලයේ සෙවනැලි දාරයේ ස්ථානය දක්වයි.

lvp දක්වා දාර කෙලවර සිට ඇඳි රේඛා මතුපිට තලයේ සෙවනැල්ලේ අතුරුදහන් රේඛා දක්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017